
(ළහිරු හර්ෂණ)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද (2) දිනට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් ආචාර පෙළපාළියක් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව තුළ වර්ෂ 1951 මාර්තු 02 දින රාජකීය ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමඟ ගුවන් හමුදා ඉතිහාසය ආරම්භ වී ඇති අතර 1972 වසරේ මැයි මස 22 දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වීමත් සමඟ රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පරිවර්තනය වන ලදී.
සංවත්සර සැමරුම් උළෙලට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීම හා රුක්රෝපණ වැඩසටහනක් ද ගුවන් හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.









COMMENTS
වසර 70 සපිරෙන නිසා අබලන් ගුවන් යානා වෙනුවට නව ගුවන් යානා කොහෙන් හෝ මිලට ගත යුතු වෙනවා. ඉන්දියාව කැමැති වුණත්, නැතත්...
ලැජ්ජා නැතිවද... අනේ භාතිය - සංතුෂ්ලාව ගෙන්නන්නේ..?
අයියෝ සල්ලි. මේ නැති බැරි කාලේ වියදම කීයද?
නරකද පාකිස්තානෙන් සහ චීනෙනුත් මේකට ගුවන් යානා ගෙනැල්ලා ඔක්කාමෙ එකට දැම්මා නම්..? ඉන්දියාව, චීනෙ සහ පාකිස්තානයේ කියන්නේ තම වාසියට විතරක් උදව් කරන රටවල්.. ප්‍රහාරක ගුවන් යානා ගෙනැල්ලා අපේ රටේ සර්කස් පෙන්වන්න ඔලුව හොඳ නැද්ද?