
කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යාන්තර කම්කරු දිනයේදී ඔවුනට කිසිදු නිදහස් හෝ සමරුමක් තිබුණේ නැත. ඔවුන් සැනසිල්ලක් ද නැත.
බඩ වියත රැක ගැනීම සඳහා මහා බරක් උසුලාගෙන යන කම්කරුවකු අප කැමරා කාචයේ සටහන් වුයේ මේ අයුරිනි.
මාර්ග දෙපස පිරිසිදු කරන කාන්තාවට ද එසේමය. ඔවුනට ද කම්කරු දිනය අහිමි වී ගොසිනි.
ඡායාරූප ගයාන් අමරසේකර

COMMENTS
කම්කරුවාට වඩා පාඩුව දැනෙනවා ඇත්තේ දේශපාලකයාට..
මැයි දිනයට තියෙන්නේ කම්කරු සැමරුම් නෙවෙයි, දේශපාලකයින්ගේ බෝඩ් පස්සෙ යන ඵකයි. මෙහෙම වෙච්ච ඵක හොඳයි...
පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ කම්කරු දිනය කම්කරුවාට තිබුණේ නැත. අපේ රටේ විශේෂයෙන් සහ ලෝකයේ බොහෝ රටවල්වලත් කම්කරු දිනය අයිති වුණේ දේශපාලකයින්ට. කම්කරුවන්ගේ කර පිටින් ගොස් බලය ගැනීමෙ පළවෙනි මාර්ගය වන්නේ මැයි දිනය.
ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ලංකාව වහලුන්ගේ දිනය සමරනවා කියලයි මට නම් හිතෙන්නේ. කම්කරු දිනයක් කියලා බොරුවට දිනයක් වෙන්කරගෙන අපි හාම්පුත්තු ඉන්න කම්කරුවන් කියාගන්නවා වගේ වැඩක්. වැඩ කරන දවස් හැමදවසක්ම කම්කරු දිනයක් කියලයි මට නම් හිතෙන්නේ. බොරුවට දිනයක් වෙන්කරගෙන දේශපාලන රැස්වීම් තියන එක රවටා ගැනීමක්. තවමත් යටත් විජිත මානසිකත්වයෙන් හාම්පුත්තු ඉන්න වහල්ලු කියා ගැනීම අවශ්‍යයිද? ලංකාවේ තවමත් නිවාඩු නැතිව 365 දවසේම වැඩකරන මිනිස්සු ඉන්නවාද? හිටියත් වහල්ලු වගේ වැඩ කරන මිනිස්සු ඉන්නවද? පක්ෂවල සිටින නායකයින් පස්සේ ගිහින් වහල්කම් මේන්ටේන් කරකර බොරුවට කම්කරු දිනයක් සමරන එක 21 වෙනි සියවසට ගැලපේද? ලංකාවේ මිනිසුන් හොඳට වැඩ කරපු මිනිසුන්... යුරෝප්පේ වැඩවසම් මානසිකත්වය ලංකාවේ මිනිසුන්ගේ ඇඟේ ගහලා හම්පුත්තු සහ සේවක කියලා වර්ග කරගෙන අදටත් කම්කරු දිනයක් සැමරීම අවශ්‍යයිද?