IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මන්ත්‍රීවරු 76කගේ විශ්‍රාම වැටුප අහෝසියි ?

19වැනි සංශෝධනයෙන් පොල්ලක්   

(දයාසීලි ලියනගේ)   

වසර හයක්ව පැවැති පාර්ලිමේන්තුවේ නිල කාලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වසර පහකට අඩු කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 76 දෙනකුගේ විශ්‍රාම වැටුප අහිමිවීමේ අවදානමක් උදාවී ඇතැයි දැන ගන්නට ඇත.   

මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප ලැබීමට නම් වසර 5 ක කාලයක් සම්පූර්ණ කළයුතු අතර මෙයට පෙර තත්ත්වය අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 6ක් විය. ඒ අනුව විශ්‍රාම වැටුප් හිමිකම ලැබීමට බාධාවක් නොතිබිණ. එහෙත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්තු නිල කාලය වසර 6 සිට 5 දක්වා අඩුවූ අතර එමගින් විශ්‍රාම වැටුප් හිමිකම ලැබීමේ නිල කාලයද වසර පහේම පවතී. යම් හෙයකින් වසර පහට දිනකට හෝ පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මන්ත්‍රීවරුන් 76 දෙනකුට විශ්‍රාම වැටුප නොලැබෙනු ඇතැයි දැන ගන්නට ඇත.   


ජනාධිපතිවරයාට පැවැරී ඇති බලතලවලට අනුව 2020 මාර්තු 1 වැනිදා සිට සැප්තැම්බර් 1 වෙනි දිනට පෙර කවර හෝ දිනයක පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මෙම තත්ත්වය උදාවේ.   


මෙම පාර්ලිමේන්තුව 2015 සැප්තැම්බර් 1 වැනි දින පිහිටවනු ලැබූ අතර එහි පස් අවුරුදු නිල කාලය 2020 සැප්තැම්බර් 1 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව ඇත.   
ඒ අනුව වසර 5 ක කාලය සම්පූර්ණ කරනු ලබන අවස්ථාවේ සියලු මන්ත්‍රීවරුනට විශ්‍රාම වැටුප හිමිවෙන අතර වසර 5 කාල සීමාවට එක් දිනක් හෝ අඩු වුවහොත් විශ්‍රාම වැටුප අහිමිවනු ඇත.   


මීට අමතරව ජනාධිපතිවරයාට ඇති බලතල යටතේ ලබන මාර්තු මාසය අවසන්වූ පසු ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවස්ථාව සැලසී ඇත. පාර්ලිමේන්තුව නියමිත දිනට එක් දිනක් පෙර හෝ විසුරුවා හැරියහොත් මෙම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප, වැන්දඹු අනත්දරු වැටුප හා ආබාධිත දරුවන් සඳහා වන දීමනාව අහිමිවේ.

 

 



අදහස් (0)

මන්ත්‍රීවරු 76කගේ විශ්‍රාම වැටුප අහෝසියි ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 74 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site