
(රන්ජන් කටුගම්පොල)
සියලුම පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන නමුත් ඔවුන් නිරන්තරයෙන්ම නිතියට ගරු කළ යුතු බවත් නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ආධාර කළ යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව මගින් මෙසේ ප්‍රකාශ කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකු මරණයට පත් කරන ලදැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගනු ලැබූ ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙකු සහ ඔහුගේ බිරිඳ විසින් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක් ප්‍රකාශයට පත් කරමිනි මෙම තීන්දුව අනුව වග උත්තරකාර පොලිස් නිලධාරීන්ට රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවක් ගෙවන ලෙසද පෙත්සම් කාර යුවළට අධිකරණය නියෝග කරනු ලැබ ඇත.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවරුන් වන ජනක් ද සිල්වා ආචාර්ය සෝභිත රාජ කරුණා සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීණ
පිළිමතලාව ගල්දෙනිය පදිංචි එන් වික්‍රමසේකර සහ කමනි දමයන්ති මහත්ම මහත්මීන් විසින් විසින් ගොනුකොට තිබූ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් දවුලුගල පොලිසිය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විජිත විජයකෝන් මහනුවර පොලිෂ්ඨානයේ විශේෂ අපරාධ අංශයේ ස්ථානාධිපති බණ්ඩාර ගරු නායක එම පොලිසියේ අපරාධ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගුණසිංහ යන මහත්තුරු ද නීතිපතිවරයාද නමි කරනු ලැබ සිටිති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳයි. පල්ලේගමටත් එසේ සමානවම සලකන්න.