IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


‘‘මේ ආණ්ඩුව පන්නනවා හැර වෙන විකල්පයක් නෑ‘‘

(නිමල කොඩිතුවක්කු)

තවදුරටත් ආණ්ඩුවට රට කරගෙන යාමට නොහැකි බැවින් ජනාධිපති අගමැති ප්‍රමුඛ ආණ්ඩුව වහාම ඉල්ලා අස්වීම හැර වෙනත් විකල්පයක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම වෙනුවෙන් විපක්ෂය විසින් ජනතා අරගලය ආරම්භ කරන බවත් ඒ වෙනුවෙන් පක්ෂ පාට භේද අමතක කොට පෙරට පැමිණෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

මේ මොහොතේ රටට එරෙහි එක් කල්ලියක් හෝ පුද්ගලයකු ආරක්ෂා කිරීම වෙනුවට රටේ ජනතාව ආරක්ෂා කිරිම වෙනුවෙන් කැපවෙන ලෙස ආරක්ෂක අංශවලින් ද ඉල්ලීමක් කරන බවත් විපක්ෂනායක කාර්යාලයේ අද(3) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

දින 5කින් මාස 5 කින් මේ රටේ පවත්නා ප්‍රශ්න ක්ෂණිකව විසඳිය නොහැකි බවත් තවදුරටත් මේ රටේ ජනතාව රැවැට්ටවවීමට හෝ ඇන්දවීමට කවුරුන් හෝ කටයුතු කරනවානම් එය අවාසනාවන්ත තත්ත්වයක් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ රට නැවත ගොඩනැගීම වෙනුවෙන් වසර පහක කාලයක් අවම වශයෙන් ගතවන බවත් ඉන් මෙහා මේ රට ගොඩනගන බවට කියන කතා නිශ්පල බවද ඔහු තවදුරටත් පැවසීය.

 



අදහස් (21)

‘‘මේ ආණ්ඩුව පන්නනවා හැර වෙන විකල්පයක් නෑ‘‘

fairoos Sunday, 03 July 2022 06:57 PM

බයි වහල්ලුන් සහ ජාතිවාදීන් ඉන්නකන් රටට අබසරණයි.

:       28       125

SamanSunday, 03 July 2022 08:34 PM

දැන් අන්තවාදීන්ට එච්චර රඟන්න බැරි නිසා හිතට දුකයි නේද?

:       101       25

KamalSunday, 03 July 2022 09:07 PM

වඳ සැත්කම්, වඳ කොත්තු යුගය අවසන් කළ ජනපතිතුමාට ජාතියේ උපහාරය හිඟ වැටුප් සමග...!

:       9       64

BamunuarachchiMonday, 04 July 2022 08:25 AM

අන්ත වාදීන් පිටපොට ගහන්නේ හොඳකට නොවෙයි රට අමාරු තත්වයේ තිබෙනවෙලාවේ.

:       7       3

BamunuarachchiMonday, 04 July 2022 08:47 AM

හම්බයින්ට දෙමල්ලුත් හොම්බ දාන බව පෙනෙනවා නේද? හම්බයින්ට කතා කොරනකොට දෙමළුන්ට රිදෙනවා. කමල් අපි වඳ කොත්තු වලින් කලේ අනාගතේ එන්න තිබෙන විපත පෙන්නුවා. අපි වඳ කොත්තු වලින් කියපුවා පාස්කු පර්හාරයෙන් අවලංගු වෙනවා. වඳ පෙත්තෙන් කරන දේ එළිපිට පාස්කු ප්‍රහාරයෙන් කළා . දැන් වඳපෙති කතා කරන්න එපා පාස්කු ප්‍රහාරය කතා කරන්න දෙකෙන්ම කලේ එකයි.

:       7       4

fairoosMonday, 04 July 2022 12:25 PM

සමන් සහ බමුණා ලංකාවේ නෙවෙයි වගේ ඉන්නේ... මේ වගේ අය නිසා තමයි අද ලංකාව මේ තත්වයට පත්වෙලා තියෙන්නේ..!

:       0       3

BamunuaracncniMonday, 04 July 2022 08:23 AM

අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ රටකාපු හැමෝම පන්නන එකයි.

:       1       2

BamunuarachchiTuesday, 05 July 2022 09:13 AM

රටකාපු හමබයෝ පන්න එකයි.

:       0       0

සන්කාMonday, 04 July 2022 10:11 AM

ඇත්ත...සජිත්ට පවුල් රකින්න නැහැ. සජිත් නිහතමානි, අනික් අයටත් සවන්දෙන ගුණගරුක කෙනෙක්. රටේම ගෙයක් නැති දුගී, දුප්පත්, අන්ත අසරණ ජනතාවට නිවාස ලක්ෂ ගණන් හදපු ඉතාම දක්ෂ දැක්මක් තියෙන දේශපාලන නායකයෙක්... දැන් ආන්ඩුවේ ඉන්න හොරු වගේ මේ රට දරුණු අගාදෙ අස්සෙත් කෝටි ගණන් මුදල් ගසාකන කෙනෙක් නෙමෙයි. දැන් මේ රැවටුණා ඇති.... ඉතින් සජිත්ගෙ කතාව හරි.

:       5       1

Kumara Sunday, 03 July 2022 07:23 PM

අනේ යන්න... කට විතරයි..!

:       55       48

Dilshan Sunday, 03 July 2022 07:53 PM

සටනට එන්න. අපේ පූර්ණ සහයෝගය දෙනවා.

:       39       84

Nihal Sunday, 03 July 2022 08:12 PM

ඔබතුමා කතානායක...!

:       14       23

චින්තක Sunday, 03 July 2022 08:55 PM

ලංකාව කියන්නේ ස්වාභාවික සම්පත් උපරිමයෙන් තියෙන රටක්... කොටින්ම කිව්වොත් අපි ඉන්නේ විශාල මඩ තැවරුණු මැණික් ගලක් උඩ... අතීතයේ ලංකාවේ වියළි දණ්ඩක් වුවද පැලවේ කියලයි කිව්වේ... සාමාන්‍යයෙන් වියළි දණ්ඩක් පැලවෙන්නේ නැහැනේ... නමුත් ලංකා භූමිය එවැනි සශ්‍රීක බිමක් කියලයි එදා පිළිගත්තේ.. දැනට විදේශ විද්වතෙක් ලංකාව ලෝකයේ දියුණුම රටක් කරන්න සම්පත් තියෙන රටක් බව කියලා තියෙනවා... ඔහුගේ සොයාගැනීම අනුව මිණිරන්, ඉල්මනයිට්, පොස්පේට් හා යපස් ඉන් කීපයක් වෙනවා. ඉතින් ඔබතුමා මේ රට සංවර්ධනය සඳහා ඒවා ප්‍රයෝජනයට ගන්නවාද නැත්නම් විදේශ ණය අරගෙන ජනතා කුස පුරවනවාද හා රටේ සංවර්ධනය සඳහා ගන්නා ක්‍රියා මාර්ග මැතිවරණයට කළින්ම ජනතාවට ඉදිරිපත් කරන්න අපට මැතිවරණය පසුවී දින සියය, දෙසීය වැඩක් නැහැ. මැතිවරණය පසුවී පළමු මාසයේ සිට සංවර්ධනය අරඹන්න අවුරුදු 76ක් ප්‍රමාද වෙලා තියෙන්නේ තවත් ඉවසන්න අමාරුයි. එහෙම කරනවා නම් ජයවේවා...!

:       3       59

Wishwa Chinthana Sunday, 03 July 2022 09:08 PM

මේ රටේ අනාගත නායකයා නාමල් රාජපක්ෂ පමණයි.

:       263       9

සුරංග Monday, 04 July 2022 06:32 AM

ඇත්තටම ඔයාට හිතන්නේ නැද්ද එයා ආවොත් රටම විනාශ වෙනවා කියලා... දන්නවා ඇති නේ එයා විභාගය සමත්වුනේ කොහොමද කියලා? රාජපක්ෂලාට දේශපාලනය තහනම් නොකර මේ රට හදනවා බොරු...!

:       2       4

Saththaya Sunday, 03 July 2022 10:05 PM

ඔව්, රජකම ගන්න ඩීල්දාලා ජනතාව හොඳට හිටපු ගිය ආණ්ඩුවත් පැන්නුවේ කව්ද? දැන් මේ ආණ්ඩුවත් පන්නනවා කියලා 21 හබක් කරන්නෙත් ඩීල් එකක් තමයි. දැන් හැමෝම දන්නවා කව්ද දූෂිතයා කියලා...

:       0       2

rangith Sunday, 03 July 2022 10:25 PM

විපක්ශ කන්ඩායම් සියල්ල එකතුවෙලා මෙ ආණ්ඩුව පලවා හරින්න අනතුරුව චන්දෙකදි ජන්මතය විමසා බලාගන්න

:       0       1

Bandara Monday, 04 July 2022 04:59 AM

තමුන්ට පුළුවන් ඉටිගෙඩිය...

:       2       5

gampila Monday, 04 July 2022 03:51 PM

ඔයාට පුලුවන් මොන ඉටිගෙඩියද ඔයාගෙ නමෙන්ම තේරෙනව අර " යමන් බන්ඩො වෙසක් බලන්න " කිව්වෙ ඔබතුමාට ද ?

:       0       0

ganegoda Monday, 04 July 2022 12:00 PM

සජිත් මහත්තයෝ.. කියව කියවා ඉන්න කාලයක් නැහැ. බහින්න එළියට... අපි අපගේ උපරිම සහයෝගය දෙනවා.

:       4       4

SUNIL MILANO Monday, 04 July 2022 12:41 PM

විශ්ව තේරුම් ගත්තා. අනාගතය මොකක්ද කියල. ජවේවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 84 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 634 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 153 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 628 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 260 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 429 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 996 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1434 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 370 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site