IMG-LOGO

‘කුෂ්‘සමඟ විදෙස් කත ගුවන්තොටේදී මාට්ටු

(ටී.කේ.ජී.කපිල )

රුපියල් පන් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා '' කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් තම ගමන් මල්ලෙහි සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටි විදේශීය ගුවන් මගී කාන්තාවක් ඊයේ  (16 ) රාත්‍රී රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

 ඇය 23 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික තරුණියකි .

ඇය මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් රැගෙන   ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ ඉන්පසු ඇය එතැන් සිට 16 දින ඉන්ඩිගෝ ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණේ රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කරමිනි .

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ " ස්නැක් " අඩංගු , වායු ඇතුළට කාන්දු නොවන පැකට් 25 ක් තුළ මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 700 ක ප්‍රමාණය සගවා ගෙන තිබුණි .



අදහස් (0)

‘කුෂ්‘සමඟ විදෙස් කත ගුවන්තොටේදී මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 450 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site