ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා යද්දී, ඕමාන ජාතික සහාය නියමුවාගේ ප්‍රහාරයට ලක්වී දරුණු ලෙස තුවාල ලැබූ ෆ්ලයිඩුබායි ගුවන් යානයේ, ප්‍රධාන නියමුවා වන ඉන්දීය ජාතික ස්මිත් මච්චාර්ට ඊයේ (5) තවත් හදිසි සැත්කමක් සිදු කෙරුණි.
ඕමාන ජාතික සහාය නියමුවා තියුණු ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයෙන්, ස්මිත් මච්චාර්ගේ සිරුරටත් හිසටත් තුවාල සිදුවිය. වෛද්‍යවරුන් පවසන්නේ, මච්චාර්ගේ හිස් කබල පැලී දරුණු ලෙස තුවාල වී ඇති බවය. ඊයේ (5) දිනයේ සැත්කම සිදු කළේ පැලී තුවාල වුණු හිස් කබලට බව පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd