IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


හෙදියට කතුරෙන් අනින්න ගිය විශේෂඥ වෛද්‍යවරයා වැරදිකරු වේ

(උපාලි ආනන්ද)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් තුලදී හෙද නිලධාරිනියකට කතුරකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු බන්ධුල ගුණරත්න මහතා ඔහුට තරයේ අවවාද කර මුදා හැරියේය. 

මෙසේ වරදකරු වූයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෙම සිද්ධිය වන අවස්ථාවේ හිටපු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා මෙන්ම ගම්පහ මහ රෝහලේ වත්මන් ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා ලෙස සේවය කරන අශෝක විජේමාන්න මහතායි.

විත්තිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයා වරදකරු කරමින් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බන්දුල ගුණරත්න මහතා කියා සිටියේ ශළ්‍ය විශේෂඥ වෛද්‍යවරු කේන්තියෙන් හා කෝපයෙන් රාජකාරි නොකල යුතුයි. ශග්‍ය විශේෂඥ වෛද්‍යවරුන් මීට වඩා හික්මීමෙන් වගකීමෙන් හා සංයමයෙන් සිය රාජකාරි කළ යුතු බවද ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බන්දුල ගුණරත්න මහකා සඳහන් කළේය.

තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පැමිණිලිකාර හෙද නිලධාරිනියට මහේස්ත‍්‍රාත්වරයා දැනුම් දුන්නේ අවශ්‍ය නම් විත්කිකාර ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයාගෙන් වන්දි ඉල්ලා දිසා අධිකරණය හමුවේ නඩුවක් පැවරීමට හැකියාව පවතින බවයි.

 



අදහස් (7)

හෙදියට කතුරෙන් අනින්න ගිය විශේෂඥ වෛද්‍යවරයා වැරදිකරු වේ

බද්රානි Monday, 25 September 2023 04:06 PM

ඔය කියන කුරුණෑගල ශීක්ෂණ රෝහලේ දොස්තරලා තනිකරම මානසික රෝගීන්. දේශපාලකයින්ට වන්දිබට්ටම් කරන පිස්සෝ රැලක්. මතකනේ පහුගිය කාලේ, අර මුස්ලිම් දොස්තර ශාපි ටත් බොරු චෝදනා කරන්න ජනතාව පෙළඹ වුයේ ඒ අමන දොස්චොරාළ තමයි..

:       27       40

BuwaTuesday, 26 September 2023 04:27 PM

කවුද මන්දා ඔය සංස්කෘත නම දැම්මේ.චාටර් කමෙන්ට් එකත්

:       0       1

Nimal Monday, 25 September 2023 05:47 PM

බද්‍රානි ආයෙත් මතුවෙලා ඉන්නේ මේ

:       4       5

prasanna Monday, 25 September 2023 06:50 PM

අයිස් මත්ද්‍රව්‍ය ගහන්න ඇති...

:       0       0

Damma Sumeda Tuesday, 26 September 2023 08:28 AM

දොස්තර වැරැදිකරු බවට තීන්දුකර නිදහස් කිරීමට මහජන මුදල් ලක්ෂ කීයක් වැයකළේද? මිනීමැරුවත් දොස්තර නම් ගෙදර, කොන්දොස්තර නම් හිරේ... එයයි නීතිය. මීට එහා ගියොත් උසාවියට අපහාස කළා කියාවි...!

:       0       2

Pushkara Epa Tuesday, 26 September 2023 12:09 PM

මම දැකපු සහ වැඩ කරපු හොඳම දොස්තර කෙනෙක්. මම මීට වසර 21කට පෙර ඔහු ළඟ අනුරාධපුර මහ රෝහලේ සේවය කළා. කිසිවිටෙක මුදල් ගැන උනන්දුවක් නැත. මම හිතන්නේ ශල්‍යකර්මයේදී හෙදිය ඔහුට නිසි ලෙස උදව් කරන්නේ නැත.

:       2       0

දියසේන Saturday, 27 April 2024 04:08 AM

සදාචාරයට පටහැනි වෛද්‍යවරු සමාජයට ලොකු හානියකි. ඔවුන්ගේ උපාධි සහ ප්‍රජා අයිතිය අවලංගු කළ යුතුයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 419 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1262 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 338 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1249 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 488 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 731 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1018 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site