IMG-LOGO

සෘජු විදෙස් ආයෝජනත් ඉහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේ පළමු මාස 6 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 507 ක සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට ලැබී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 6 ට සාපේක්ෂව සියයට 101 වර්ධනයක් බවත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.

පසුගිය වසරේ පළමු මාස 6 තුළ මෙරටට ලැබී තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 252 ක සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණයකි.

මෙම වසරේ පළමු මාස 6 තුළ මෙරට සෘජු විදෙස් ආයෝජනවල සිදුව ඇති සැළකිය යුතු වර්ධනය මෙරට ආයෝජන පරිසරය සහ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන සෘජු විදෙස් ආයෝජනවල ප්‍රගතිය පිළිබඳව ආයෝජකයන් තුළ ගොඩනැගී ඇති විශ්වාසය පිළිබිඹු කරන බවද ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පෙන්වා දුන්නේය.

මෙම වසරේ පළමු මාස 6 තුළදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නව ව්‍යාපෘති 57 ක් සඳහා අනුමැතිය ලබාදී ඇති අතර එම ව්‍යාපෘතිවලින් ශ්‍රී ලංකාවට ලැබෙතැයි ඇස්තමේන්තු කර ඇති මුළු ආයෝජන වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 569 කි. ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 320 විදේශ ආයෝජන වේ.

අනුමැතිය ලබාදී ඇති ව්‍යාපෘති 57 න් 31 සෘජු විදෙස් ආයෝජනයන් මගින් ආරම්භ කරන නව ව්‍යාපාර වන අතර ඉතිරි ව්‍යාපෘති 26 දැනටමත් මෙරට සිටින සමාගම සිය මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම සඳහා ආරම්භ කරන ව්‍යාපෘති වේ.

ව්‍යාපෘති 57 මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමෙන් පසුව රැකියා 14,000 එමගින් උත්පාදනය වනු ඇතැයි බලාපොරොත්තු වන අතර එමගින් රැකියා ක්ෂේත්‍රයට මෙන්ම මෙරට ආර්ථික වර්ධනයටද තල්ලුවක් ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.

 



අදහස් (0)

සෘජු විදෙස් ආයෝජනත් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 537 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 706 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 289 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site