IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සුවඳ විලවුන් ඉව කර රෝහලේ නවතියි

(රංජිත් රාජපක්ෂ  )              

සුවද විලවුන් වර්ගයක් ආග්‍රහණය කළ පාසල් සිසුන් තිදෙනෙකු ක්ලාන්තය, වමනය සහ ශ්වසන අපහසුතා හේතුවෙන් අද (16) ලිදුල ප්‍රාදේශීය රෝහලට ඇතුළු කළ බව  දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි අසේල මල්ලවආරච්චි මහතා පැවසීය.

තවලකැලේ නගරයේ ප්‍රධාන දමිළ පාසලක 6 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු අද  (16) දින පාසලට සුවද විලවුන් බෝතලයක් රැගෙන විත්, එය ඔහුගේ පන්තියේ මිතුරන් කිහිප දෙනෙකුට ස්ප්‍රේ කර ඇති අතර, පසුව එම සිසුන් රෝගාතුර වී ඇති බව වෛද්‍ය නිළධාරිවරයා කියා සිටියේය.

රෝහල් ගත කළ සිසුන්ගේ තත්වය බරපතල නොවන බවද වෛද්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

විදුහලේ විදුහල්පතිතුමියගෙන් අප කළ විමසුමකට ඇය කියා සිටියේ 6 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු හිසේ කැක්කුමකට භාවිතා කරන ඖෂධ බෝතලයක් සුවද විලවුන් යැයි සිතා රැගෙන විත් ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුලේ නිළ ඇදුමට ස්ප්‍රේ කර ඇති බවයි.

 



අදහස් (0)

සුවඳ විලවුන් ඉව කර රෝහලේ නවතියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 156 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 361 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site