(සුජිත් හේවාජුලිගේ )
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මාරු වී ගිය අවස්ථාවේදී රැගෙන ගොස් ඇතැයි වාර්තාවේ.
එම වාහනය දෙපාර්තමේන්තුවට බාර දෙන ලෙස දැනුම්දී ඇතත් ඔහු තවමත් භාරදී නැතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම ප්‍රධානියා මෙරට ප්‍රධාන පෙළේ ආයතනයක මුල් පුටුවකට මාරු වී යාමෙන් පසු එම සුඛෝපභෝගී වාහනය වෙනුවට වෙනත් කුඩා වාහනයක් සුරාබදු දෙපාර්තමේන්තුවට ඒවා තිබෙන බව දැනගන්නට ඇත.
එම කුඩා වාහනය පාවිච්චි නොකර දෙපාර්තමේන්තුවේ ගාල්කර තිබෙන බව
නිලධාරීහු පවසති.
සුරාබදු නිලධාරින්ගේ ත්‍යාග අරමුදලින් මිලදී ගත් එම වාහනය හිටපු ප්‍රධානියකු මෙසේ රැගෙන යාම ගැන සුරාබදු නිලධාරීහු දැඩි කනස්සල්ලෙන් පසුවෙති.
මේ සම්බන්ධයෙන් අප කරුණු විමසීමට සුරා බදු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සුරා බදු කොමසාරිස් රොෂාන් පෙරේරා මහතා ඇමතීමට කිහිප වරක්ම උත්සාහ ගත්තද ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්විය.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත
පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ
සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා
ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
සුරාවේ සුපිරි රිය හිටපු ලොක්කෙක් ගෙදර අරන් ගිහින්