සිරියානු නව අන්තර්වාර රජයට සහාය පළ කරමින්, ඇමෙරිකාව විසින් එරටට පැනවූ සියලු සම්බාධක ඉවත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැසීය. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ සෞදි සංචාරය අතරතුරේය.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, සෞදි සංචාරය ආරම්භ කළේ තෙදින මැදපෙරදිග සංචාරයට සමගාමීවය. සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් සහ සෞදි රජ පවුලෙන් ට්‍රම්ප්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. හමුදා උත්තමාචාර ද හිමිවිය.
ඇමෙරිකාව, සිරියාවට සම්බාධක පැනැවීම කළේ, බෂාර් අල් අසාද් සිරියානු ජනාධිපති ධුරය හොබවද්දීය. අසාද් පාලනයට එරෙහි වූ විපක්ෂයට, ඇමෙරිකාවේ සහාය හිමිවුණු අතර, එම විපක්ෂ කණ්ඩායම් අසාද් පාලනයට එරෙහිව අවි අතට ගත් විට, ඔවුන්ට අවි ආයුධ ලබා දීම කළේ ද ඇමෙරිකාව සහ ප්‍රංශයයි. අසාද් පාලනය සිරියානු වැසියන් පීඩාවට පත් කිරීම සම්බාධක පැනැවීමට ප්‍රධාන හේතුවක් විය.
පසුගිය වසරේ, විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය දක්වන සටන්කාමීන්, ඩමැස්කස් අගනුවර බලය අල්ලා ගනිද්දී, ජනාධිපති ධුරය දමා අසාද් රටින් පලා ගියේය. අසාද්ට සහ ඔහුගේ පවුලේ අය රුසියාවට ගෙන්වා ගනිමින්, ආරක්ෂාව දීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කටයුතු කළේය.
අසාද් පාලනය අවසන් වීමෙන් පසු, සිරියාවේ අන්තර්වාර පාලනයක් පවතී. අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කරන්නේ හිටපු සටකන්කාමී නායකයකු වන අහ්මද් අල් ෂාරා ය. නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙමින් සිරියාව ලෝකයට විවෘත කිරීම අල් ෂාරා සහ ඔහුගේ අන්තර්වාර රජයේ අරමුණ වී ඇත. පසුගිය දා අල් ෂාරා ප්‍රංශයේ පැරිස් අගනුවරට ගොස් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පවා හමුවී සාකච්ඡා පැවැත්වීය.
සිරියාවට පැනවූ සම්බාධක ඉවත් කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ සෞදියයි. සිරියාවට පැනවූ සම්බාධක ඉවත් කරන බව ට්‍රම්ප් නිවේදනය කළේ සෞදියේ රියාද් නුවර පැවැති ආර්ථික සමුළුවකට සහභාගී වෙමිනි.
‘ඇමෙරිකාව සිරියාවට පැනවූ සියලුම ආකාරයේ සම්බාධක ඉවත් කිරීමට මා කටයුතු කරනවා. ඒ වගේමයි මා සිරියාවට සුබ පතනවා. මට විශ්වාසයි සිරියාව ලෝකයටම අලුත් මුහුණක් පෙන්වාවි.’ යැයි ට්‍රම්ප් එම ආර්ථික සමුළුව අතරතුරේ පැවැසීය.
ට්‍රම්ප් සහ ඔටුන්න හිම සෞදි සල්මාන් කුමරුන් අතරේ ද සාකච්ඡා පැවැත්වුණු අතර, එහිදී දෙදෙනාගේ මිතුදම් තවත් ශක්තිමත් විය. ට්‍රම්ප්ට රජ පවුලේ සියලුම සාමාජිකයන් හඳුන්වා දීමට ද සල්මාන් කුමරු කටයුතු කළේය.
(ඒ.එෆ්.පී.)
මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සිරියාවට පැනවූ සියලුම සම්බාධක ඉවත් කරනවා