සෞදි අරාබියේ රැකියාවට ගිය ගෘහ සේවිකාවන් 6524 ක් ගිය මැයි මාසයේ දී පලාගොස් ඇතිබව සෞදි කම්කරු අමාත්‍යංශය පවසයි. රාමසාන් කාලයට ප්‍රථම සෞදි නිවෙස් වලින් වලින් පලාගොස් ඇති මෙම පිරිස වැඩි වැටුපක් බලාපොරොත්තුවෙන් නීති විරෝධීව විවිද නෙවෙස් වල රහසිගතව වැඩකරන බවද සඳහන්ය.
මේ ගැන කළ යුතු දේ ගැන කම්කරු බලධරයෝ සහ රැකියා ආයතන සාකච්ඡා පවත්වයි.
රාමසාන් මාසයේදී ගෘහ සේවිකාවන් හට විශාල ඉල්ලුමක් පවතින බැවින් සෞදි රියාල් 2500 (රුපියල් 86785.25) සිට 3000 (රුපියල් 104223) දක්වා පමණ විශාල් මුදලක් උපයා ගැනීමට හැකි බැවින් ගෘහ සේවිකාවන් මෙසේ පලා යතියි කියති.
කෙසේ වුවද සෞදි අරාබි කම්කරු නීතිය අනුව නීති විරෝධීව රැකියාව කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට පත්වුවහොත් සෞදි රියාල් 2000 (රුපියල් 69428.2 ) ක දඩයකට යටත්ව අනිකුත් අලාභයද සමග රටින් පිටවීමේ ගාස්තුද අය කරමින් ජීවිත කාලයටම සෞදි අරාබියට පැමිණීමට නොහැකි අයුරින් සිර දඩුවකටද යටත් කර පිටමන් කරන බවද පවසයි,
සෞදි අරාබියේ ගෘහ සේවිකාවන් ලෙස පිලිපීනය .ඉන්දුනීසියාව,ශ්‍රීලංකාව,ඉන්දියාව සුළුවශයෙන්,ඉතියෝපියාව,කෙන්යාව,දකුණු අප්‍රිකාව යන රටවල කාන්තාවන් සේවය කරයි,
ශ්‍රී ලංකාවේ කාන්තාවක් මෙරටට ගෙන්වීම සදහා සෞදි පුරවැසියෙකු විසින් සෞදි රියාල් 22000.(රුපියල්763710.2 ) ක් හෙවත් ශ්‍රීලංකා රුපියල් ලක්ෂ 7 ක් පමණ මුදලක් වැයකරන අතර කාන්තාව සෞදියට පැමිණීමට පෙර ,පෙර ගෙවුම් ලෙස රුපියල් 150.000 ක් මුදලක්ද ඇය වෙත ගෙවයි.
මෙම මුදලද ලබා මෙරටට පැමිණ මාස තුන ඉක්ම වීමට පෙර වැඩි වැටුප් සදහා එම නිවෙසින් පලා ගොස් වෙනත් නිවෙස් වල රැකියා කරමින් තානාපති කාර්යාලය වෙත පැමිණෙන කාන්තාවන් ඕනෑ තරම් දැකගත හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිලීපීන්, ඉන්දුනිසියා වගෙ රටවල සෙවිකාවන්ට වැඩි වැටුපක් ගෙවනවා. ලංකාවෙ අයට සුලු මුදලක් තමයි ගෙවන්නෙ. මෙ වැටුප් පරතරය නිරවුල් කළා නම් මෙහෙම පැනලා යන්නෙ නැහැ (නි)
ඒ වුණාට කියන්නේ නම් රට දියුණුයි, ආශ්චර්යවත්, සංවර්ධනය වෙලා, ඒක පුද්ගල ආදායම අච්චරයි මෙච්චරයි, අහවල් රටත් මෙහෙම කියනවා, අරහෙම කියනවා, මේක තමයි ජීවත් වෙන්න හොඳම රට කියලා. ඒ වුණාට තවම අපේ අම්මලා අක්කලා නංගිලා අනුන්ගේ ගෙවල් වල වැඩකරනවා. (නි)
සෞදියේ ගොඩක් නිවෙස් වල කරන අමානුෂික වධ හිංසා පලා යන්න හේතුවක් වෙන්න ඇති. ඒවා ගැනත් සෙවිය යුතුයි. මතකනේ රිසානාට උන දේ. (නදී)
නැතිබැරිකම නිසානේ මේ හැමදේම (නි)
අපේ සේවිකාවන්ටත් පිලිපීනයට වගේ හොඳ වැටුපක් ගෙවන්නේනම් මේ විදියට වෙනඑකක් නැහැ.(අ)
ඔය කට්ටිය අහුවුණාට පස්සේ ලංකාවට ගෙන්නන්න ඕනේ රජයේ වියදමින්. එ කියන්නේ අපේ බදු මුදල්වලින්. ඔයිට හොද නැද්ද ගෘහ සේවයට කාන්තාවන් යවන එක තහනම් කළොත් (අ).
නිශාන්තගේ අදහසට මාත් එකඟයි. ගැහැණියෙක් කියන්නේ අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් කියන්නේ රටක ආඩම්බරයයි. දැයට ගුණගරුක දරුවන් බිහිකර හදා වඩා යහපත් පුරවැසියන් තනන්නේ අම්මායි. (නි)