(සුජිත් හේවාජුලිගේ)
සමග ජන බලවේගයේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
නායකත්වයට සුදුසු සැලකිය යුතු පිරිසක් එම පක්ෂයේ සිටින බවද ඔහු සඳහන් කළේය.
මැතිවරණ පරාජය වීම පිළිබඳව සජිත් ප්‍රේමදාස මෙන්ම එහි සෙසු සාමාජිකයන්ද වගකීම බාරගත යුතු බව පැවසූ දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ පරාජයට රනිල් වික්‍රමසිංහ මහතා වගේම තමා ඇතුළු සියලු පිරිසද වගකිවයුතු බව ප්‍රකාශ කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සජබ නායකයා වෙනස් වෙන්න ඕන
Chinthaka Thursday, 17 July 2025 01:46 PM
ඩඩ්ලි මැතිතුමාගෙ කාලයේ පක්ෂයට විනයක් කලේ කවුද ජේආර් දෙවැනිවර බලයේ සිටිද්දි රටේ ප්‍රශ්න නොවිසදා තැනින්තැන සැඟවී උගුල් ඇටෙව්වේ කවුද එජාපයේ මුදුන්කණු දෙකක් වගේ හිටපු ලලිත් ගාමිණී දෙදෙනාට විනකලේ කවුද අන්තිමේ අවිගත්තෝ අවියෙන්ම නසි වගේ එහෙම කල කෙනත් යන්නම ගියා දුටුගැමුණු කුමාරයා එළාර සමග යුද්ධයට යන්න ඉල්ලුවාම කාවන්තිස්ස රජතුමා ඉඩ නොදුන්නෙ කාලය සුදුසු නැතිනිසා ඒත් එජාපයේ කුමාරයා අප්ප කලදේ පුතා නොකලොත් ......වෙන නිසා මෝඩයින්ට හසුවෙලා ඉක්මනින් රජවෙන්න (සජිත් මද්දුම )බලවේගය හදල එජාපය කඩා විනාශ කලා ඔබේ කතාවෙ හැටියට සජිත්ට වගේම ඔබටත් මුල් තනතුරුවල ඉන්න අයටත් අමාරුයි කියල කතාවෙන් පේනවා...
චන්දිම Thursday, 17 July 2025 02:15 PM
නවිින්, මගුලක් ද කියන්නේ? අනුන්ගේ මගුල්වලට අත නොදා තමන්ගේ පාටි එක හදාගන්න. මේ කතාවත් රනිල් නේද කියන්න කිව්වේ? ගාමිනි දිසානායක ට තිබු අති විසිස්ට හැකියාවෙන් 5ක් නවිින්ට නැ. මහින්ද කරපු දේ නිසා මිනිස්සුන්ට අනෙක් සියලුම පක්ෂ එපාවිම සහ මාලිමාවේ බොරුව ඇත්තක් ලෙස ,එකම විකල්පය මාලිමාව ලෙස ජනතාව පිලිගත්තා. ඒ නිසා සජිත් නොවෙයි කව්රු ආවත් එදා මාලිමාව දිනනවා..
sene Thursday, 17 July 2025 03:22 PM
අනුන්ගේ කබර නො සොයා තමන්ගේම කබර සුව කර ගත්තොත් කොහොමද? ඔය සදාකල් නායක එයා ගැන බලාගන්නකෝ...!
B Amarasinghe Thursday, 17 July 2025 03:24 PM
එතකොට කවදාවත් තමන්ගේ ශක්තියෙන් ඡන්දයක් දිනලා නැති එජාප නායකයා ඉන්න ඕනේද?..
සිරිසේන Thursday, 17 July 2025 04:35 PM
සජබ නායකයා වෙනස් වෙන්න ඕනෑ නම් එම තනතුර නවීන් දිසානායක ඉතාම සුදුසුයි. ඔහුත් දිගු කාලයක සිට පක්ෂයක නායකයකු වීමේ සිහිනයක සිටිනා කෙනෙකි. එක්සත් ජාතික පක්ෂයේ නායකයා ඉවත්විය යුතු බවට පුතුන් දෙදෙනාම දැඩි සටනක නියැලී සිටියේය...
Nelu Thursday, 17 July 2025 04:40 PM
තමන්ගේ පක්ෂයේ නායක ප්‍රශ්න විසඳා ගන්න බැරුව අනුන්ගේ පක්ෂවල නායක ප්‍රශ්න විසඳන්න යන එක නම් කේතලේ මුට්ටියට උඹ කළුයි කිව්වා වගේ තමයි...
Nihal Dharmatileke Thursday, 17 July 2025 06:13 PM
ප්‍රේමදාස කියන්නේ ගෙම්බෙක් නෙවෙයි...
අරවින්ද මොණරවිල Thursday, 17 July 2025 07:29 PM
අනේ ඔව් ගොන් වැඩ තමයි කරන්නේ !