
(මනෝප්‍රිය ගුණසේකර)
රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගතවු තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට හැකියාවක් ඇති හෙයින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්‍ෂිත ඇප ඇයැදුම් පත්‍රයට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය අද නොතිසි නිකුත් කළාය.
ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්‍ෂිත ඇප ඇයැදුම් පත්‍රය කැඳවනු ලැබු අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණූ සළකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එලෙස නොතිසි නිකුත් කළාය.
මේරී ලුවිස් ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය වෙනුවෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රත් අධිකරණයට අදාළ අපේක්‍ෂිත ඇප ඇයැදුම් පත්‍රය ඉදිරිපත් කර ඇති අතර අත්අඩංගුවට ගැනීමකින් තොරව ආරක්‍ෂිතව තමන්ට ලංකාවට පැමිණීමට හැකිවන අයුරින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය ගොනු කළ අපේක්‍ෂිත ඇප ඇයැදුම් පත්‍රය ඊයේ දිනයේදී කැඳවනු ලැබීය.
ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මෙම අපේක්‍ෂිත ඇප ඇයැදුම් පත්‍රයේ වගඋත්තරකරු වශයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා නම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd