(රෝෂන් තුෂාර)

සිරිලිය ගිනුම සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අනුව අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති බිරිය  ශිරන්ති රාජපක්ෂ ලබන 13 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළාය.

ඇය සමග අත්අඩංගුවට ගත් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදිප් කාරියවසම් රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ඔහුගේ විදෙස් ගමන් තහනමක් ද පැනවූවාය.