IMG-LOGO

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රී ලංකා පිල ලකුණු 308 ක් රැස්කරයි

(යොහාන් භාසුර)

ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් රැස් කළේය.

ඒ අනුව ඇෆ්ගනිස්තාන් පිල ඕවරයකට ලකුණු 6.18 ක සමාන්‍යයක් පවත්වමින් ලකුණු 309 ක් රැස්කළ යුතුය.

චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 74 කින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 97 ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල ලකුණු 36 කට කඩුලු දෙකක් දැවී සිටියදී නායක කුසල් මෙන්ඩිස් (61) සහ සදීර සමරවික්‍රම (52) අර්ධ ශතක සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 103 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

ශ්‍රී ලංකා පිලේ නායක කුසල් මෙන්ඩිස් කාසියේ වාසිය ලබා ලකුණු රැස්කිරීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 50 යේදී කඩුලු 6 ට 308 (පැතුම් නිස්සංක 18, කුසල් මෙන්ඩිස් 61, සදීර සමරවික්‍රම 52, චරිත් අසලංක නොදැවී 97, ජනිත් ලියනගේ 50, වනිඳු හසරංග 14, අස්මතුල්ලා ඔමල්ෂායි 56/3)

 



අදහස් (0)

ශ්‍රී ලංකා පිල ලකුණු 308 ක් රැස්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32564 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15104 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9951 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 132 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 411 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1332 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site