සංචාරක බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී අද (14) පැවැති තෙවැනි හා අවසන් එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 6 ක ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ශ්‍රී ලංකා පිල ජය ගත්තේය.
ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 34.5 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 152 ක් ලබා ජය ගැනීමට සමත්විය. තරග දෙකේදීම තුන් ඉරියව් දස්කම් පෑ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන මෙම තරගයේද ලකුණු 40 ක් ලබා ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලබාගත් පිතිකාරිය වුවාය.
බංග්ලාදේශ කාන්තා පිල ඕවර 50 කදී කඩුලූ 9 ට 148 (අයේෂා අක්තාර් 20, සුක්තරා රහ්මන් 39, චම්ලි කාතූන් 33, නිසංසලා ප‍්‍රබෝදිනී 12/2, ඉෂානි කෞෂල්‍යා 21/3)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 34.5 කදී කඩුලූ 4 ට 152 (ප‍්‍රසාදිනී වීරක්කොඩි 37, සඳමාලි දොලවත්ත නොදැවී 37, ශෂිකලා සිරිවර්ධන 40)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ශ්රී ලංකා ක‍්‍රිකට් කී‍්‍රඩිකාවෝ බංග්ලාදේශය පරදවති