සංචාරක බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව කුරුණෑගල වෙලගෙදර ක‍්‍රීඩාංගණයේදී අද (14) පැවැති තෙවැනි හා අවසන් එක්දින ක‍්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ කඩුලූ 6 ක ජයක් ලැබුහ. ඒ අනුව දෙරට අතර තරග තුනකින් පැවැති එක්දින තරගාවලිය 3-0 ක් ලෙස ශ්‍රී ලංකා පිල ජය ගත්තේය.
ලකුණු 149 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 34.5 කදී කඩුලූ 4 ක් දැවී ලකුණු 152 ක් ලබා ජය ගැනීමට සමත්විය. තරග දෙකේදීම තුන් ඉරියව් දස්කම් පෑ හිටපු නායිකා ශෂිකලා සිරිවර්ධන මෙම තරගයේද ලකුණු 40 ක් ලබා ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලබාගත් පිතිකාරිය වුවාය.
බංග්ලාදේශ කාන්තා පිල ඕවර 50 කදී කඩුලූ 9 ට 148 (අයේෂා අක්තාර් 20, සුක්තරා රහ්මන් 39, චම්ලි කාතූන් 33, නිසංසලා ප‍්‍රබෝදිනී 12/2, ඉෂානි කෞෂල්‍යා 21/3)
ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 34.5 කදී කඩුලූ 4 ට 152 (ප‍්‍රසාදිනී වීරක්කොඩි 37, සඳමාලි දොලවත්ත නොදැවී 37, ශෂිකලා සිරිවර්ධන 40)
1
නාමල් රහසේ රනිල්ට පෙන්වූ වට්ස්ඇප් පණවුඩය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd