IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU) අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

දෙරට අතර විදුලි යන්ත්‍රෝපකරණ සහ උපකරණ නිෂ්පාදනය ඇතුළු යාන්ත්‍රික උපකරණ අංශයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එවකට කර්මාන්ත විෂය බාර අමාත්‍යාංශය සහ වියට්නාම සමාජවාදී ජන රජයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට 2011 වර්ෂයේදී අත්සන් තබා ඇත. 

2019 වර්ෂයේදී දෙරට අතර පැවති වෙළෙඳාම පිළිබඳ අනුකමිටුවේ දෙවන රැස්වීමේදී එකී අවබෝධතා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ තිබේ. 

ඒ අනුව දියුණු තාක්ෂණයන් හුවමාරු කිරීමට පහසුකම් සැලසීමෙන් සහ දේශීය පාර්ශ්වකරුවන් සඳහා පුහුණුව සහ ධාරිතා ගොඩනැංවීමේ කටයුතු සඳහා ප්‍රවේශය ලබා දෙමින් සංශෝධන ඇතුළත් කොට යාවත්කාලීන කරන ලද යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

විදුලි යන්ත්‍ර හදන්න වියට්නාමය එක්ක තිබුන යාලුකම අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාමයි බෑනයි විදුලි සැරෙන් මරුට
2025 මැයි මස 02 67 0

ඉච්චලන්පත්තුව සූර්නගර් ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු විදුලිසැර වැදී මිය ගොස් ඇතැයි ඉච්චලන්පත්තුව පොලිසිය පවසයි.


සොරකමේ ගිය හිටපු එස් ටී එෆ් එස් අයි මාට්ටු
2025 මැයි මස 02 93 0

අහුංගල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 4 ක් වටිනා යතුරුපැදියක් සහ එම යතුරුපැදියේ තිබූ රුපියල් 10000 ක් මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ හිටපු


ඉන්දීය සිංදු පාකිස්තානයේ තහනම්
2025 මැයි මස 02 379 1

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී


අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය
2025 මැයි මස 02 290 0

අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව


ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී
2025 මැයි මස 02 681 0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්
2025 මැයි මස 02 332 0

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 426 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 109 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1135 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site