
(ජනුර් කිචිලාන්)
සමාන සේවයට සමාන වැටුපක් ඉල්ලා විශ්රාමික රාජ්ය සේවකයෝ 1500 කට අධික පිරිසක් කුරුණෑගල නගරයේ ඔරලෝසු කනුව අසල මංසන්ධිය අවහිර කරමින් අද පැයකට අධික කාලයක් විරෝධතාවක නිරත වූහ.
2020 - 2024 රාජ්ය සේවා විශ්රාමික එකමුතුව මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර එකම දිනක සේවයට බැඳි එකම සේවයේ එකම තනතුරක සේවය කර උපන් දිනය අනුව 2024.12.31 සහ 2025.01.01 විශ්රාම යන දෙදෙනෙකුගේ එක දිනක විශ්රාම යාමේ වෙනසට ඇතිවන විශ්රාම වැටුප් වෙනස රු. 25000/ - රු. 90000/- ඉක්මවා ගොස් ඇති බැවින් සිදුවූ අසාධාරනයට විසඳුම් ඉල්ලා සිටියහ.
‘‘විශ්රාම වැඩුප රටට බරක් ද ?’’ ‘‘ 2025 රාජ්ය වැටුප් වැඩිකිරීමට අනුරූපව විශ්රාම වැටුප වහා වැඩි කරව්’’ . ‘‘සමාන සේවයට සමානව සලකව්’’. ‘‘එතෙක් පවතින ආර්ථික අරබුද හමුවේ ජිවත්වීමට සරිලක අතුරු දීමනාවක් ලබා දියව්’’. ’’විශ්රාම වැටුප් ජාතික ප්රතිපත්තියක් සකසනු.’’ ‘‘කොමිසමේ තින්දු ක්රියාත්මක වන තුරු අතුරු දීමනාවක් වහා ලබා දෙනු.’’ යනුවෙන් සටන් පුවරු ප්රදර්ශනය කරමින් වයඹ පළාත් සභාව අසලට පැමිණ උද්ඝෝෂණයක නිරත වීමේන අනතුරුව වයඹ ආණ්ඩුකාර කාර්යාලයේ නිළධාරින් හට සංදේශයක් භාර දෙන ලදි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd