IMG-LOGO

වන අලි රකින්න දැඩි නීති

(නිමල කොඩිතුවක්කු)
වන අලින්ට වෙඩි තැබීම් සහ අනවසර විදුලි වැට ඉදිකිරීම්වලට විරුද්ධව නීති දැඩි කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්ම්ක පටබැඳි මහතා කොළඹ දී පැවසීය.
 
වන අලින්ට වෙඩි තැබීම් ඇතුලු ගැටලු සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ පරිසර අමාත්‍යාංශයේදී අද(15) පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.
වන අලින්ට සිදු කරන වෙඩි තැබීම්වලට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස පරිසර අමාත්‍යවරයා  විසින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෙත එහිදී උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම  පුද්ගලික ඉඩම් කේන්ද්‍ර කර කරගනිමින් නීති විරෝධී ලෙස ඉදිකර ඇති විදුලි වැටවල් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීම සඳහාත් වනසතුන් ඝාතනය කිරීමේ නීති යාවත්කාලීන කරමින් වරදකරුවන් වෙත දඩුවම් පැමිණවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම පිළිබඳ මෙහි දී සාකච්ඡා කෙරිණි.



අදහස් (0)

වන අලි රකින්න දැඩි නීති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 77 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 287 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site