අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සංවිධානයේ අයිකාඕ (ICAO) ප්‍රමිතියට අනුකූලව පුද්ගල ඡායාරූපයක් සකසා ගත හැකි මෘදුකාංගයක් නිපැදවූ මොරටුව විශ්ව විද්‍යාලය අදාළ මෘදුකාංගය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නොමිලයේ පරිත්‍යාග කළ බව එම විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු අංශයේ ප්‍රධානී ආචාර්ය චතුර ද සිල්වා පැවසීය. විද්‍යුත් ජාතික හැඳුනුම්පතට මෙවන් ප්‍රමිතිගත ඡායාරූපයක අවශ්‍යතාවයක් පවතී. මෙම මෘදුකාංගය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී තිබෙන සෑම ඡායාරූප ශාලාවකටම (ස්ටුඩියෝ) නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ක්‍රියාකරගෙන යයි.
මෙම මෘදුකාංගය ආනයනය කළේ නම් ඒ සඳහා රුපියල් මිලියන ගණනක් වැය කිරීමට සිදුවන බවත් ආචාර්ය චතුර සිල්වා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ සමහර අය ඉන්නවා මොරටුවත් එක්ක මරාගෙන මැරෙන තරම් තරහක් තියන බව පේන (අද නම් එහෙම අය නැහැ පෙන්න) ඒ අයට මේක හොඳ ප්‍රවෘත්තියක්. (ස)
හොඳ වැඩක්. අපිට ආඩම්බරයි. (ස)
මෘදුකාංගය නොමිලයේ පරිත්‍යාග කළ ආචාර්ය චතුර සිල්වා හා මොරටුව විශ්ව විද්‍යාලයට මගේ ප්‍රණාමය (නදී)
නියමයි චතුර. (නදී)
වැඩේනම් බොහොම හොඳයි. (ස)
අපි ඔබගේ උත්සාහය සහ කැපවීම අගය කරමු (දිල්)
ඉතා හොද වැඩක්, මේවගේ දේවල් තම වෙන්න ඕනේ. ස්තුතියි (දිල්)
මෙවැනි මෘදුකාංගයක් නිර්මාණය කිරීමත් එය රාජ්‍යායතනයක් බාර ගැනීමත් ඉතා හොඳ ක්‍රියාවක්,මොකද සමහර රාජ්‍යායතන මොකක් හරි හේතුවක් දක්වලා දේශීය නිර්මාණ ප්‍රතික්ෂේප කරලා විදේශීය සමාගම් වලින් ලැබෙන කොමිස් වලට පිටරටින් මෙවැනි මෘදුකාංග ලබා ගන්න උනන්දු වෙන බව ප්‍රසිද්ධ රහසක් . (ස)
මොරටුව විශ්වවිද්‍යාලය කියන්නේ දක්ෂ නිර්මාණකරුවන් බිහිකරන තැනක්. ඒවගේ තැනකින් හරියට වැඩක් ගත්තොත් අපේ රටෙන් පිටරටට යන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට පුළුවන්. ඒත් ඒ දේ කරන්න බැරි නිසා මේ වගේ ආයතන වලින් නිසි ප්‍රයෝජන නොගෙන දැනුම සහ මුදල් අපතේ යවනවා. (නි)
මෙවැනි දේවල් කරන්න පුළුවන් වැඩ කාරයෝ නේද ලංකාවේ ඉන්නේ. අපිට ඕන කරන මෘදුකාංග රටින් සල්ලි දීල ගන්නම ඕනද? ඉන්දියාවේ මිනිස්සු අභ්‍යවකාස තාක්ෂණය ජයගත්තේ එ් අයගෙම මෘදුකාංග මගින්. ඉතින් අපි තවත් පස්සට යා යුතුද.? (නදී)
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල බුක්ති විදිමින් රටට මෙවන් සේවයක් කිරීමට දායක වූ සැමට ප්‍රණාමය පුද කරමි. (නදී)
බුදුඅම්මෝ !! මොන තරම් පුදුම වෙන්න පුළුවන් සතුටුදායක ආරංචියක්ද ? අපේ ලංකාවේ නිෂ්පාදනය කල දෙයක් රජයෙන් අනුමත කරලා ! අහන්නත් සතුටුයි. දැන්වත් ඉහලපෙලේ අයට මේවා තේරුම් යන එක ගොඩක් හොඳයි! (ස)
මෙම මෘදුකාංගය නිර්මාණය කල තැනැත්තා එය නොමිලයේ ලබා දුන්නද, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඡායාරූප ශාලාවකට ලබා දීමේදී රු. 10,000 ක මුදලක් අය කරයි. (ස)
මටත් හරිම සතුටුයි. අර තාක්ෂණය වලපල්ලට යවන තොරතුරු වලට සම්බන්ධ ආයතනයට මේ වැඩේ අහු උනා නම් මෙලහකටත් අබ සරණයි (නදී)
ඉන්දියාවේ ජනගහනයත් එක්ක බලන විට වසරකට මෘදුකාංග එන්ජිනේරුවරු ලක්ෂ 4ක අසන්න ප්‍රමාණයක් ඉන්නවා එත් ලංකාවේ බිහිවෙන ප්‍රමාණය අල්ප මාත්‍රයකි. ඉන්දියාවේ මෘදුකාංග නිෂ්පාදනය බත් පැකට් එකකට පවා සිද්ද වෙනවා, එහෙව් රටකින්නේ කොටි ගණන් දීලා මෘදුකාංග ගෙන්නනේ.. අනික එහෙව් මෘදුකාංග බොහොමයක්ම ප්‍රමිතිය අතින් බොහොම අඩුයි.. ඒ අතින් ලංකාවේ වැඩ අනර්ගයි... රටේ මැණික් තියෙද්දී පිටරටින් මොකටද තිරිවාන ගෙන්නනේ. ඔන්න ඕක තමයි වෙන්න ඕනේ.. මොරටුවට ජය වේවා!!! (දී)
දැන් තියෙන හැඳුනුම් පත් අංකයෙන් (මුල් අංක දෙකෙන්) කෙනෙකුගේ උපන් අවුරුද්ද ඕනා කෙනෙකුට දැන ගන්න පුළුවන්. අලුත් හැඳුනුම් පතින් අනේ මේ තත්ත්වය නවත් වන්න, ස්තුතියි (දිල්)