IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විද්‍යුත් හැඳුනුම්පතට මොරටු සරසවියෙන් මෘදුකාංගයක්

අන්තර්ජාතික සිවිල් ගුවන්සේවා සංවිධානයේ අයිකාඕ (ICAO) ප්‍රමිතියට අනුකූලව පුද්ගල ඡායාරූපයක් සකසා ගත හැකි මෘදුකාංගයක් නිපැදවූ මොරටුව විශ්ව විද්‍යාලය අදාළ මෘදුකාංගය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නොමිලයේ පරිත්‍යාග කළ බව එම විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා සහ ඉංජිනේරු අංශයේ ප්‍රධානී ආචාර්ය චතුර ද සිල්වා පැවසීය. විද්‍යුත් ජාතික හැඳුනුම්පතට මෙවන් ප්‍රමිතිගත ඡායාරූපයක අවශ්‍යතාවයක් පවතී. මෙම මෘදුකාංගය පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී තිබෙන සෑම ඡායාරූප ශාලාවකටම (ස්ටුඩියෝ) නිකුත් කිරීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ක්‍රියාකරගෙන යයි.

මෙම මෘදුකාංගය ආනයනය කළේ නම් ඒ සඳහා රුපියල් මිලියන ගණනක් වැය කිරීමට සිදුවන බවත් ආචාර්ය චතුර සිල්වා කියයි.



අදහස් (0)

විද්‍යුත් හැඳුනුම්පතට මොරටු සරසවියෙන් මෘදුකාංගයක්

ජයත් Friday, 26 September 2014 06:56 AM

මේකේ සමහර අය ඉන්නවා මොරටුවත් එක්ක මරාගෙන මැරෙන තරම් තරහක් තියන බව පේන (අද නම් එහෙම අය නැහැ පෙන්න) ඒ අයට මේක හොඳ ප්‍රවෘත්තියක්. (ස)

:       0       0

පැතුම් Wednesday, 24 September 2014 07:13 AM

හොඳ වැඩක්. අපිට ආඩම්බරයි. (ස)

:       0       0

කැලුම් Tuesday, 23 September 2014 03:57 PM

මෘදුකාංගය නොමිලයේ පරිත්‍යාග කළ ආචාර්ය චතුර සිල්වා හා මොරටුව විශ්ව විද්‍යාලයට මගේ ප්‍රණාමය (නදී)

:       0       0

නන්ද Tuesday, 23 September 2014 08:40 AM

නියමයි චතුර. (නදී)

:       0       0

රුසිරු Wednesday, 24 September 2014 08:17 AM

වැඩේනම් බොහොම හොඳයි. (ස)

:       0       0

සකුන්තලා Tuesday, 23 September 2014 09:14 AM

අපි ඔබගේ උත්සාහය සහ කැපවීම අගය කරමු (දිල්)

:       0       0

අනුරාධ Tuesday, 23 September 2014 09:21 AM

ඉතා හොද වැඩක්, මේවගේ දේවල් තම වෙන්න ඕනේ. ස්තුතියි (දිල්)

:       0       0

සත්‍යපාල Tuesday, 23 September 2014 09:26 AM

මෙවැනි මෘදුකාංගයක් නිර්මාණය කිරීමත් එය රාජ්‍යායතනයක් බාර ගැනීමත් ඉතා හොඳ ක්‍රියාවක්,මොකද සමහර රාජ්‍යායතන මොකක් හරි හේතුවක් දක්වලා දේශීය නිර්මාණ ප්‍රතික්ෂේප කරලා විදේශීය සමාගම් වලින් ලැබෙන කොමිස් වලට පිටරටින් මෙවැනි මෘදුකාංග ලබා ගන්න උනන්දු වෙන බව ප්‍රසිද්ධ රහසක් . (ස)

:       0       0

ගයාන් Tuesday, 23 September 2014 09:40 PM

මොරටුව විශ්වවිද්‍යාලය කියන්නේ දක්ෂ නිර්මාණකරුවන් බිහිකරන තැනක්. ඒවගේ තැනකින් හරියට වැඩක් ගත්තොත් අපේ රටෙන් පිටරටට යන විදේශ විනිමය විශාල ප්‍රමාණයක් ඉතිරි කරගැනීමට පුළුවන්. ඒත් ඒ දේ කරන්න බැරි නිසා මේ වගේ ආයතන වලින් නිසි ප්‍රයෝජන නොගෙන දැනුම සහ මුදල් අපතේ යවනවා. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 23 September 2014 10:07 AM

මෙවැනි දේවල් කරන්න පුළුවන් වැඩ කාරයෝ නේද ලංකාවේ ඉන්නේ. අපිට ඕන කරන මෘදුකාංග රටින් සල්ලි දීල ගන්නම ඕනද? ඉන්දියාවේ මිනිස්සු අභ්‍යවකාස තාක්ෂණය ජයගත්තේ එ් අයගෙම මෘදුකාංග මගින්. ඉතින් අපි තවත් පස්සට යා යුතුද.? (නදී)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 23 September 2014 10:09 AM

නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිපල බුක්ති විදිමින් රටට මෙවන් සේවයක් කිරීමට දායක වූ සැමට ප්‍රණාමය පුද කරමි. (නදී)

:       0       0

අසෝකා Tuesday, 23 September 2014 10:50 AM

බුදුඅම්මෝ !! මොන තරම් පුදුම වෙන්න පුළුවන් සතුටුදායක ආරංචියක්ද ? අපේ ලංකාවේ නිෂ්පාදනය කල දෙයක් රජයෙන් අනුමත කරලා ! අහන්නත් සතුටුයි. දැන්වත් ඉහලපෙලේ අයට මේවා තේරුම් යන එක ගොඩක් හොඳයි! (ස)

:       0       0

මදුරංග Wednesday, 24 September 2014 09:57 AM

මෙම මෘදුකාංගය නිර්මාණය කල තැනැත්තා එය නොමිලයේ ලබා දුන්නද, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ඡායාරූප ශාලාවකට ලබා දීමේදී රු. 10,000 ක මුදලක් අය කරයි. (ස)

:       0       0

කපිල Tuesday, 23 September 2014 12:12 PM

මටත් හරිම සතුටුයි. අර තාක්ෂණය වලපල්ලට යවන තොරතුරු වලට සම්බන්ධ ආයතනයට මේ වැඩේ අහු උනා නම් මෙලහකටත් අබ සරණයි (නදී)

:       0       0

දුලා Wednesday, 24 September 2014 04:47 AM

ඉන්දියාවේ ජනගහනයත් එක්ක බලන විට වසරකට මෘදුකාංග එන්ජිනේරුවරු ලක්ෂ 4ක අසන්න ප්‍රමාණයක් ඉන්නවා එත් ලංකාවේ බිහිවෙන ප්‍රමාණය අල්ප මාත්‍රයකි. ඉන්දියාවේ මෘදුකාංග නිෂ්පාදනය බත් පැකට් එකකට පවා සිද්ද වෙනවා, එහෙව් රටකින්නේ කොටි ගණන් දීලා මෘදුකාංග ගෙන්නනේ.. අනික එහෙව් මෘදුකාංග බොහොමයක්ම ප්‍රමිතිය අතින් බොහොම අඩුයි.. ඒ අතින් ලංකාවේ වැඩ අනර්ගයි... රටේ මැණික් තියෙද්දී පිටරටින් මොකටද තිරිවාන ගෙන්නනේ. ඔන්න ඕක තමයි වෙන්න ඕනේ.. මොරටුවට ජය වේවා!!! (දී)

:       0       0

ජොෂ් පැටිකිරිආරච්චි Wednesday, 24 September 2014 06:04 AM

දැන් තියෙන හැඳුනුම් පත් අංකයෙන් (මුල් අංක දෙකෙන්) කෙනෙකුගේ උපන් අවුරුද්ද ඕනා කෙනෙකුට දැන ගන්න පුළුවන්. අලුත් හැඳුනුම් පතින් අනේ මේ තත්ත්වය නවත් වන්න, ස්තුතියි (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site