(විමුක්ති එස් රුද්‍රිගු)
2023 වසරේ ලෝකයේ සංචාරය කිරීමට සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවද එක් කර ඇත.
ෆෝබ්ස් සඟරාව සංචාරක ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ නිර්දේශ මත මෙම රටවල් 23 නම් කර තිබේ.
සම්මානනීය සංචාරක වාර්තාමය චිත්‍රපට නිෂ්පාදකවරියක වන ජුලියානා බ්‍රොස්ටේ විසින් ශ්‍රී ලංකාව මෙම ලැයිස්තුවට තෝරාගෙන තිබේ.
ඉහළ උද්ධමනයක් තිබුණත් ශ්‍රී ලංකාව දර්ශනීය සහ සංචාරක ගමනාන්තයක් වනු ඇති බව ජුලියානා පෙන්වා දී ඇත.
අනුරාධපුරය, නුවර, අලි අභයභුමිය සහ යාල ජාතික වනෝද්‍යානය සංචාරකයන්ගේ ආකර්ශණය දිනාගත් ස්ථාන බවත් කෙටි දුරක් ගමන් කර නැරඹිය හැකි ස්ථාන රාශියක් ශ්‍රී ලංකාවේ තිබෙන බවත් ඇය පෙන්වා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර නාකි, නූගත් හොර හම්පඩයෝ ටික එලවලා උගත් තරුණ සෙට් එකක් බැස්සා නම් ලංකාව ඇත්තටම ලෝකේ ලස්සන සහ දියුණු රටක් වෙනවාමයි…..!
සුන්දර රට දේශපාලකයින් කනවා.
අවාසනාවක මහිම ලංකාවේ සිටින අපට එහි අගය නොදැනේ.
ලංකාව සුන්දරයි තමයි එක නැතිකරන්නෙ ලංකාවෙ ඉන්න කාලකන්නි දේශපාලකයන්
රූපයේ සාපය...
අවස්ථාවාදී මෙලෝ දේක දැනීමක් නැති දේශපාලකයින්ගෙන් රට බේරාගත්තොත් ලංකාව සුන්දර රටක් වේවි...!
මේවා තොරණ එවුන්ගේ ඇස් නැතුව ඇති
ලින්ක් එකත් දාන්න
රේල් පාර දෙපස නම් අපායක්,නගරයකට ආසන්න කුණු ගොඩවල් නිමක් නෑ,කෝච්චියේ බස්වල යන හුඟක්ම ම කනවා බොනවා එලියට විසිකරණවා. පාර්ලිමේන්තුව ට යන්නෙත්ක එකම වල්ලේ කෂ්ට්යනෙ .මේ රට හදා ගන්න දැඩිව නීතිය ක්‍රියාත්මක වීය යුතුය. සිංගප්පූරුවේ කට්ටිය හැදුවේ ඵහෙමයි