
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන 2027 වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා විසින් පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කෙරිණ.
ලබන 2027 මුදල් වර්ෂය සඳහා රජයේ සේවා වියදම්( රුපියල් හාරදහස් නවසිය අනූ දෙක බිලියන හත්සිය හැත්තෑ තුන් මිලියන තුන්සිය අසූ අටදහසක්) වෙනුවෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැලසීම සහ රජයට ණය ලබා ගැනීම සඳහා බලය ලබාදීම ඇතුළු කරුණු සඳහා මෙම විසර්ජන පනත් කෙටුම් පතින් විධිවිධාන සැලසේ.
ලබන 2027 අයවැය දෙවැනි වර කියවීම හෙවත් අයවැය කතාව සහ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ලබන නොවැම්බර් මස 12 වැනිදා සිදු කිරීමට නියමිතය.
අනතුරුව අයවැය දෙවෙනි වර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා දින හතක් පැවැත්වේ. එහි ඡන්ද විමසීම නොවැම්බර් 20 පස්වරූ 6.00ට පැවැත්වීමට නියමිතය.
පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19 ක් පැවැත්වෙන අතර එහි අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 පස්වරු 6.00ට පැවැත්වේ.
අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාව තුළ රජයේ නිවාඩු සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනද ඇතුළුව සෑම දිනකම පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතය.
විසර්ජන පනත් කෙටුම්පතින් 2027 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා මුදල් වර්ෂය සඳහා රජයේ වියදම් දැරීම ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැලසීම සහ අදාල ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සලසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd