(පද්මසිරි ගාර්දියවසම්)
වලස්මුල්ල රාජපුරගොඩ බීඩි ව්‍යාපාරිකයකුට පහරදී රුපියල් ලක්ෂ 10 ක් බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධියට සැකපිට තංගල්ල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරින් හතර දෙනෙක් සහ යුද හමුදා බුද්ධි අංශයේ සෙබෙළෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අද (25) දහවල් අත් අඩංගුවට ගනු ලැබූහ .
බීඩි ව්‍යාපාරිකයාගේ නිවස සෝදිසි කළ සුරාබදු නිළධාරින් කණ්ඩායමක් එහි තිබී රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා බීඩි ඔතන කොල සොයාගෙන තිබේ .
බලපත්‍ර නොමැතිව බීඩි කොල ළඟ තබාගැනීම වරදක් බැවින් සිද්ධිය ගොඩින් බේරාගැනීමට රුපියල් ලක්ෂ 10 ක් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි. පසුව බීඩි ව්‍යාපාරිකයා වලස්මුල්ල නගරයට පැමිණ එම පිරිසට දෙවාරයකදී මුදල් ලබා දී තිබේ.
එහිදී ඔහුට පහරදුන් බව පවසා වලස්මුල්ල රෝහලට ඇතුළත්ව ඇතැයි පොලිසිය කියයි .
තංගල්ල කොට්ඨාස බාර ජෙශ්‍යඨ් පොලිස් අධිකාරි කේ.බී.කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය පිලිබදව පරීක්ෂණ පැවැත්වූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා වලස්මුල්ල පොලිසියට බාර දී තිබේ .
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලක්ෂ 10 කප්පම් ගත්තැයි වලස්මුල්ල සුරාබදු පිරිසකට චෝදනා