IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ "ඉරා අඳුරු පට" නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු උවිදු කුරුකුලසූරිය ඇතුළු දෙදෙනෙකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්  සිදුකර ඇතැයි තීන්දු කළ  ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 30, 000/- බැගින් වන්දි මුදල් ගෙවන්නැයි  රජයට  නියෝග කරන ලදී.

තවද  පෙත්සම්කරුවන් දෙදෙනාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන්  රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන්නැයි අදාළ පෙත්සම් වල දෙවැනි වගඋත්තරකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ආරියරත්න ඇතුගල මහතාටද අධිකරණය නියෝගය කළේය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු යූ.එන්.එස්.පී. කුරුකුලසූරිය සහ ජේ.කේ.ඩබ්ලිව් .ජයසේකර යන මහත්වරුන් දෙදෙනා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක විභාගය අවසන් කරමින් ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුන්ගේ එකඟත්වයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා  මෙම  තීන්දුව ලබා දෙන ලදී.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්  ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව , එවකට එහි සභාපති ධූරයේ කටයුතු කළ ආචාර්ය ආරියරත්න ඇතුගල , එවකට සිටි ජනමාධ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා , හිටපු ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර , ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල , නීතිපති ඇතුළු 7 දෙනෙකු නම් කරනු ලැබ තිබිණි.

පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් සඳහන් කර සිටින්නේ  2008 වසරේ නොවැම්බර් මස 4 වන දා විකාශය කෙරුණු "ඉරා අඳුරු පට" නැමැති වැඩසටහන අතරමග හදිසියේ නතර කර දැමීමට එවකට රූපවාහිනි බලධාරීන් පියවර ගත් බවයි.

මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට තිබෙන මූලික මිනිස් අයිතිය රූපවාහිනී බලධාරීන් විසින් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම්කරුවන් සිය පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් පසුව ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙණිය යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා විසින් තීන්දු කළේ මෙම ක්‍රියාව තුළින් රූපවාහිනී බලධාරීන් පෙත්සම්කරුවන්ගේ  මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවයි.

ඒ අනුව පෙත්සම්කරුවන් දෙදෙනාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් අදාළ වන්දි මුදල් ගෙවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකාර පාර්ශව වලට නියම කෙරිණි.

 



අදහස් (1)

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි

Sunil Milano Thursday, 18 February 2021 08:34 AM

මේ මහත්වරුන් තවමත් ජීවතුන් අතරද?

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 434 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1283 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 343 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1273 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 494 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 741 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1018 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site