IMG-LOGO

රාජ්‍ය ආදායමේ වර්ධනයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

පසුගිය මැයි මාසයේදී පමණක් රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 486කි. 

මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ ආදායම රුපියල් ට්‍රිලියන 2 කට ආසන්න බවත් පසුගිය වසරේ රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 4ක් බවත් මහ බැංකු දත්ත වාර්තාවල සඳහන් වේ.

මහ බැංකුව නිකුත් කළ දත්තවාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස 5 තුළ රජයට ලැබුණු බදු ආදායමේ හා ප්‍රදානයන්ගේ එකතුව රුපියල් බිලියන 1942 ක් වන අතර පසුගිය වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත ආදායම වූ රුපියල් බිලියන 1619 ට සාපේක්ෂව එය සියයට 20ක වර්ධනයකි.

එම දත්ත වාර්තාවලට අනුව මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1802 කි. පසුගිය මැයි මාසයේ රජයේ සමස්ත ආදායම වූ රුපියල් බිලියන 486 මෙම වසරේදී මසක් තුළ රජය ඉපැයූ ඉහළම සමස්ත ආදායම බවත් පසුගිය මැයි මාසයට පෙර මෙම වසරේදී රජය වැඩිම සමස්ත ආදායමක් උපයා තිබුනේ පසුගිය පෙබරවාරි මාසයේ බවත් මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

එසේම මාර්තු මාසයේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 306 ක් බවත් අප්‍රේල් මාසයේදී රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 387 ක් බවත් මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.

2023 වසරේදී රජයේ සමස්ත ආදායම රුපියල් ට්‍රිලියන 3 ක් වූ අතර පසුගිය වසරේදී එය රුපියල් ට්‍රිලියන 4 දක්වා වර්ධනය විය. ලබා ඇති ප්‍රගතිය අඛන්ඩව පවත්වා ගතහොත් මෙම වසරේදී රජයේ සමස්ත අදායම රුපියල් ට්‍රිලියන 4 පසුකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 



අදහස් (3)

රාජ්‍ය ආදායමේ වර්ධනයක්

nipuna Monday, 21 July 2025 03:08 PM

වැඩි නොවී තියේවිද? වාහන ආනයනයෙන්ම ලොකු බදු ආදායමක් එන්න ඇති...

:       1       7

යෝගා Monday, 21 July 2025 03:14 PM

ඔව්, මහන්සි වෙලා වැඩකරන මිනිස්සුන්ට බදු පිට බදු ගහලා ඡන්ද මංකොල්ල කන්න අස්වැසුම පවුල් වැඩි කරලා. හැබැයි සහනාධාර දුන්න තරමටම ඡන්ද ලැබෙනවා කියලා දෙයකුත් ලංකා ඉතිහාසයේ වෙලා නෑ. ඒකත් මතක තබාගන්න...

:       7       8

sene Monday, 21 July 2025 03:19 PM

මෙතරම් විශාල ආදායම් වර්දනයක් සමග වියදම් අඩුකරගෙන ඇත්නම් බදු අඩුකිරීමට හැකියි නේද? නැත්නම් ආදායම බැඳුම්කර විකීනීමෙන්ද? නැත්නම් තවත්...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 537 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 706 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 289 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site