IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


රනිල් ජාතිය ඇමතීම හාස්‍යයට කරුණක්

(යොහාන් භාසුර)

ජනාධිපතිවරයා ජාතිය අමතමින් නැවතත්  රට අවුල් කරන්න දෙන්නේ නැහැ  කිව්වේ රාජපක්ෂ මහත්වරුන්ට නැවතත් බලයට එන්න නොදෙන්නේ යැයිදැයි සැකයක් මතුවන බවත් ජනාධිපතිවරයා  පවසන රට අවුල්  කළ පුද්ගලයන් කවුරුන්ද යන්න ගැටලුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (2) පැවසීය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හාස්‍යයට කාරණාව ගතවුණු වසර 75 ක කාලයෙන් වසර 40 ක කාලයක් එතුමා ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදිහට කටයුතු කරමින් ඉන් වසර 30 ක්ම විධායකය නියෝජනය කරපු පුද්ගලයෙක් වීම බව කී අගහප්පෙරුම මහතා එවිට මේ රට අවුල් කරන්න කළේ කවුද කියන ගැටලුව මතුවන බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට රටේ ඉඩක් නැතිද යන ප්‍රශ්නය මතුවන බවත් එතුමා නිරන්තයෙන්ම 2048 වන විට මේ රට සංවර්ධනය කරනවා යැයි ප්‍රකාශ කිරීම විහිළු සැපයීමක් බවත් ඒ මහතා කීය.

එතුමා 2000 දී බලයට පැමිණිමෙන් පසුව ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ කියලා වැඩසටහනක් ඉදිරිපත් කරමින් මෙම කථාවම ප්‍රකාහ කළ බව කී අලහප්පෙරුම මහතා පැවසුවේ ඉන් පසුව 2015දී දින 100 ක වැඩසටහන් සමඟ 2025 දී අලුත් රටක් හදන්නේ යැයි ප්‍රකාශ කළ බවත්ය.

ඒ කිසිම දෙයක් යථාර්ථයක් බවට පත්නොවී හුදෙක්ම වැඩපිළිවෙළක් නොමැති සිහින කතා පමණක් බව කී අලහප්පෙරුම මහතා සංවර්ධිත රාජ්‍යයක් මනින ප්‍රධාන මිනුම් දඩු දෙක වන ‘ඒක පුද්ගල ආදායම’ සහ  ‘දළ ජාතික නිෂ්පාදනය’ පිළිබඳව අවධානය යොමුකළ යුතු බව ද කීය.  

සංවර්ධිත රටක ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 12,000 ක් පැවතිය යුතු මෙන්ම දළ ජාතික නිෂ්පාදනය ඩොලර් බිලියන 300 ක් වියයුතු බවත්  ශ්‍රී ලංකාවේ වර්තමාන  ඒක පුද්ගල ආදායම ඩොලර් 3,474 ක් වන නිසා ඉදිරි වසර කිහිපය තුළ ඒක පුද්ගල ආදායම හතර ගුණයකින් වැඩි කළ යුතු බවත් එය බැලූ බැල්ලමට හීනයක් පමණක් බවත් ඒ මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ‘නිදහස ජනතා සභාව’ නාවල ප්‍රධාන කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය. 



අදහස් (8)

රනිල් ජාතිය ඇමතීම හාස්‍යයට කරුණක්

sugathan Friday, 02 June 2023 03:59 PM

අනේ මේ උන්නැහේ... ඔහේ දැන් හොඳ ළමයා වෙන්න උත්සාහ කළාට ඔය කවුද කියලා අපි දන්නවා. රාජපක්ෂලා කරපු හැමදේටම අත උස්සලා දැන් මෙතන රඟපාන්න එන්න එපා. රටේ වාසනාවට තමයි ඔහේ ජනාධිපති නොවුණේ. පාර්ලිමේන්තුවේ ඉන්න අංක එකේ නූල් සුත්තර කාරයින්...

:       3       55

නාරංදෙනිය Friday, 02 June 2023 05:42 PM

ලොක්කන් හැත්තෑපහෙන් හතලිහක් බලයේ හිටියා කියමුකෝ.. ඔහේ අහලා තියෙනවද දවසක්ම කිරි දොවා මහන්සි නිසා චුට්ටක් ඉවතට ගිය වේලාව කවුරු හෝ ඒකට ගොම චුට්ටක් දැම්මොත් මොකද වෙන්නේ කියලා... ඒක තමයි ජනාධිපතිතුමාටත් වුණේ කියලා අපිට නම් තේරුම් ගන්න පුළුවන්...!

:       6       20

ගමේ එකාලා Friday, 02 June 2023 07:44 PM

මහින්ද චින්තනය 1 ,2, කියලා බේගල් වට්ටෝරු ලියලා දුන්නා. ඒ කාලේ මහින්දයා දෙසැරයක්ම ජනාධිපති කරන්න කියපු කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.

:       3       19

sugathanSaturday, 03 June 2023 09:53 AM

1995 වගේ කාලේ මාතර පැත්තේ කොට මහතා නියෝජ්‍ය ඇමති කෙනෙක් හිටිය. මිනිහ සමහර දවස්වල උදේට මතර බස් නැවතුමේ මහජනතාව එක්ක පෝලිමේ ඉන්නවා කොළඹ එන්න. පෝලිමේ ඉඳල බස් එකට නැගල කොළඹ පැත්තට කිලෝමීටර් කිහිපයක් ඇවිත් බස් එකෙන් බහිනවා මොකද එතන මිනිහගේ නිල වාහනය තින නිසා . එතන ඉඳල මිනිහ කොළඹ එන්නේ ඒ කාර් එකේ . නමුත් අර බස් නැවතුමේ හිටි දහස් ගණනක් සෙනග හිතන්නේ මිනිහ බස් එකෙන් කොළඹ ආවා කියලයි. කොහොමද මිනිහගේ කපටි මොලේ ?

:       0       0

Priyath Friday, 02 June 2023 09:07 PM

රොකට් රෝහිතගේ රොකට් එක ගැනත් මුලින්ම රූපවාහිනියේ කිව්වෙත් මෙයා තමයි.

:       0       0

ගාමිණී Saturday, 03 June 2023 12:49 PM

පිට සක්වලින් ගොදබහලා වගේ මෙන්න මෙයා කියන දේවල්. ඔයගොල්ලෝ හැමෝම මේ රට වැටිලා තියෙන තත්වෙට වග කියන්න ඕනේ. ඔබලා මේ රට විනාශ කරන්න දායක උනා. දැන් මොකුත් දාන්නේ නෑ, අපිනම් ඕවට නෑ....

:       0       0

HELAYA Saturday, 03 June 2023 01:10 PM

ඔහේ රනිල් එක්ක ජනපති කාක්කන්ට තරග කිරීම.... පස්ස පැත්තෙන් හිනා යන කාරණයක්...ඩබල් ගේම් කාරයෙක් කියලා රටම දන්නවා.

:       0       0

අමතක වන්නේ වයසටද? Saturday, 03 June 2023 05:21 PM

මේ අයට පැරැණි සිදුවීම් අමතක වන්නේ මහළු වයසටද නැත්නම් අවස්ථානුකූලවද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 0 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 5 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 1112 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 184 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 538 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 758 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1400 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site