IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


රනිල් ඡන්දය ප්‍රකාශ කරයි

(අංජුල මහික වීරරත්න)

ජනතාවට ඡන්ද එපාවෙලා නැහැ.ඡන්ද දායකයන්ගෙන් අහන්න .මම එක්කෙනෙක් විතරයි යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ කොලේජ් හවුස් හිදී පළාත් පාලන මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කීවේ ඡන්දය ප්‍රකාශ කරන ප්‍රතිශතය අඩුවෙනු ඇතැයි ඔබ සිතන්නේ ඇයි?ජනතාවට ඡන්දය එපා වෙලාදැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී හිටපු ජනාධිපතිවරයා මෙසේද කීය.

බොහෝ විට උදේ වරුවේ තිබුනේ 9-10%ක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයක්.උදේ සහ දවල් තමයි වැඩිම පිරිසක් ඡන්ද ප්‍රකාශ කරන්නේ. දවල්ට යම් පිරිසක් ඡන්දය දීමට එනු ඇතැයි  මම බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය:-

පළාත් පාලන මැතිවරණයේ ඡන්දය දෙන ප්‍රතිශතය අඩු වෙනු ඇතැයි ඔබ සිතනවාද?

පිළිතුර:-

මම විතරක් නෙමෙයි ගොඩක් අය ඒක කියනවා.

ප්‍රශ්නය:-

ගොඩක් තැන් වල මැතිවරණයට උනන්දුවක් තියෙන අයුරු අප දුටුවා.

පිළිතුර:-

සමහර තැන් වල උනන්දුවක් තියෙනවා. අපේක්ෂකයන් 75000ක් ඉන්නවා.ඡන්ද දායකයන් මිලියන 17ට, එනම් හැම දෙසීයකටම එක් අපේක්ෂකයෙක් ඉන්නවා.මට එන ආරංචි හැටියට පෞද්ගලිකව අපේක්ෂකයන් සඳහා කැමති අය ඡන්දය පාවිච්චි කරන්න එනවා.සමහර තැන්වල අඩුයි, සමහර තැන් වල වැඩියි.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (0)

රනිල් ඡන්දය ප්‍රකාශ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


අම්බලන්ගොඩ ආණ්ඩුව විපක්ෂය සම වේ
2025 මැයි මස 06 1836 0

ජාතික ජනබලවේගය අම්බලන්ගොඩ නගර සභාවේ සභික ධුර 22 න් 11 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.


හම්බන්තොට නගර සභාවේ සභික ධුර 8 ක් මාලිමාවට
2025 මැයි මස 06 1688 0

ජාතික ජනබලවේගය හම්බන්තොට නගර සභාවේ සභික ධුර 21 න් 8 ක් හිමිකරගනිමින් ජයග්‍රහණය කළේය.


හපුතලේ නගර සභාව ස්වාධීන පක්ෂයකට
2025 මැයි මස 06 2054 0

ස්වාධීන කණ්ඩායමට හපුතලේ නගර සභාවේ බලය හිමිවූ අතර එම කණ්ඩායමට එම නගර සභාවේ සභික ධූර 11 න් 5 ක් හිමිවිය.


තංගල්ල නගර සභාව ජාජබට
2025 මැයි මස 06 3985 0

ජාතික ජනබලවේගය මෙවර පළාත් පාලන මැතිවරණයේදී තංගල්ල නගර සභාවේ සභික ධූර 19 න් නවයක් දිනාගැනීමට සමත්විය.


ඡන්ද ප්‍රතිඵල ලැබෙන්නේ මෙහෙමයි
2025 මැයි මස 06 1101 0

දිස්ත්‍රික් ප්‍රතිඵල සකස් කරන මධ්‍යස්ථාවලින් ලැබෙන ප්‍රතිඵල මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එවීමෙන් පසුව මැතිවරණ කොමිසම එය අනුමත කිරීමෙන් පසුව තේරීම්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 816 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1253 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site