
(බිමල් ශයාමන් ජයසිංහ)
රත්මලාන ඥානේන්ද්ර පාරේ දෙමහල් නිවසකට බෝම්බ ප්රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලානේ කුඩු අංජු නමැත්තාගේ සමීපතමයන් සිව් දෙනෙකි.
ප්රධාන සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනය පොලිස් භාරයට ගත් බවත් එහි බෝම්බය ගැසීමට පෙර ලබා ගත් ඡායාරූපයක් බෝම්බය ගැසීමෙන් අනතුරුව පින් එක පමණක් තිබෙන ඡායාරූපයක් සටහන්ව තිබූ බව පොලිසිය කියයි.
එම ඡායාරූප සම්බන්ධයෙන් ප්රධාන සැකකරුගෙන් සිදු කළ ප්රශ්න කිරීමේදී බෝම්බ ගැසූ බවට සනාථ කිරීම සඳහා කුඩු අංජුගේ සමීපතමයකු වන ඩුබායි රාජයේ සැඟව සිටින දුමුදු නැමැත්තා වෙත වට්සැප් මගින් යොමු කළ බවට අනාවරණය කර ඇත.
එම නිවසට එල්ල කරන ලද බෝම්බයේ පින් එකද සැකකරු සන්තකයේ තිබී පොලිසිය මගින් සොයාගෙන ඇත.
එම සැකකරුවන් අතර බෝම්බ ප්රහාරය එල්ල කළ ප්රධාන සැකකරුවන් දෙදෙනා ට අමතරව එකී නිවස සැකකරුවන් දෙදෙනාට පෙන්වන ලද සැකකරු සහ නවාතැන් පහසුකම් ලබා දුන් සැකකරුද වන බව පොලිසිය කියයි.
ඉකුත් 5 වෙනිදින අලුයම. 3.30/ 5.30 ත් අතර කාලයේදී අවස්ථා දෙකකදී එම නිවසට බෝම්බ ප්රහාර දෙක එල්ල වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd