IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මීලඟ ජනපති සජිත් ද - ඩලස් ද

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා(13) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොවී මේ දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙස එකඟතාවකින් පත්කර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නායකයන් අතර මේ වන විට සාකච්ඡාවක් ද ආරම්භ වී ඇත.

මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් තලතා අතුකෝරල මන්ත්‍රීවරියගේ නුගේගොඩ පිහිටි නිවසේ ඊයේ (10)පස්වරුවේ පවත්වා ඇති අතර,සමගි ජන බලවේගය,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ ස්වාධීන කණ්ඩායම,සහ හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ඇතුළු පක්ෂ හා කණ්ඩායම් රැසක් ඒ සඳහා සහභාගි වී ඇතැයි දැනගන්නට තිබේ.

රට තුළ ඇතිව තිබෙන බරපතළ දේශපාලන හා ආර්ථික අර්බුදය හමුවේ පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොකර මේ දෙදෙනාගෙන් අයකු ජනාධිපතිවරයා ලෙසත්, අනෙක් කෙනා අගමැති ලෙසත් පත් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ.

මේ අතර, හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී ඊයේ පෙරවරුවේ රැස්වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

අතුරලියේ රතන හිමි ද ,විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, වීරසුමන වීරසිංහ , ප්‍රේමනාත් දොලවත්ත,මොහොමඩ් මුසම්මිල්, ඒ එල් එම් අතාවුල්ල, ගෙවිදු කුමාරතුංග යන මහත්වරුද ඊට සහභාගි වූහ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් වහාම ඉල්ලා අස්වන ලෙස බල කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර ඇත.

මේ අතර ,නව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේ දී අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිව ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කතානායකවරයාට මේ වන විටත් ලිඛිතව දැනුම් දී ඇත.

අනතුරුව වැඩබලන ජනාධිපතිවරයා ලෙස කතානායකවරයා පත් වන අතර,මේ සතියේ හෝ ලබන සතියේ දී පාර්ලිමේන්තුව රැස්වී නව ජනාධිපතිවරයා පත් කර ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.

මේ අතර, සියලු පක්ෂ සම්බන්ධ කර ගනිමින් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද දේශපාලන පක්ෂ නායකයන් අතර සාකච්ඡා වට ගණනාවක් මේවන විට පවත්වා ඇත.

මේ අතර, ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඔහුට සහාය ලබාගැනීමේ උත්සාහයක් ද මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින බව දැනගන්නට ඇත.

 



අදහස් (43)

මීලඟ ජනපති සජිත් ද - ඩලස් ද

amila Sunday, 10 July 2022 10:25 PM

ඩලස් එපා. එය සුදුසු නැහැ. පොහොට්ටුවේ කෙනෙක්...!

:       0       0

ganegoda Sunday, 10 July 2022 10:49 PM

පොහොට්ටුවේ හිටිය කිසිකෙනෙකුට සම්බන්ධ වෙන්න එපා. එහෙම වුණොත් ආපහු පොහොට්ටු මගෝඩි දුරදිග යයි.

:       0       0

Rata Perata Monday, 11 July 2022 12:22 AM

බැසිල්ගේ කොන්ත්‍රාත් ඉටු කරන්නේ නැතුව ඉන්න...!

:       0       0

AB Monday, 11 July 2022 12:52 AM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා (13) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති ධුරයට පත්ව තනතුරු බාරගැනීමට නොව ඉදිරියේදී රට කරගෙන යනු ලබන්නේ සහ ජනතාවට සහන ලබාදෙනු ලබන්නේ කෙසේදැයි කියා බරපතල වගකීමක් සහ වගවීමක් ඔවුන් ඉදිරියේ තිබේ. ජනාධිපති ධුරයට සුදුස්සා නම් වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. ඔහුට තිබෙන්නා වූ අත්දැකීම් වර්තමාන පාර්ලිමේන්තුවේ වෙන කිසිවකුට නොමැත. වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් නොවන්නේ නම් තනතුරු සහ බලය වෙනුවෙන් සටන් කරන්නා වූ ඕනෑම කෙනෙකුට අවසථාව ලබාදී මැතිවරණයක් පවත්වන තුරු ඔවුන්ගේ හැකියාවන් බලාසිටීමට ජනතාවට සිදුවේ...!

:       0       0

janaka Monday, 11 July 2022 12:53 AM

ව්‍යවස්ථාවට අනුකූලව මේ දෙන්නාවම නෙවෙයි පත්කළ යුත්තේ කතානායකයවයි. ඉන්පසු මැතිවරණයකින් අලුත් කෙනෙක් තෝරාගත යුතුයි. නැතුව සජිත් වගේ කෙනෙක් පත් කරගන්නවා නම් ඊට වඩා ෆේල් වුණු ගෝඨාභය ලක්ෂ වාරයක් හොඳයි. සජිත් ඇවිත් අපේ දෑත් ශක්තිමත් කරලා ගම්මට්ටම්, බිම්මට්ටම්, තම්මැට්ටම් කරලා උස නම් සිකුරුටි, මිටිනම් කම්කරු කරලා රටම රස ආකාරයක් විනෝද සාගරයක් කරලා දෙයි.

:       0       0

චින්තක Monday, 11 July 2022 04:45 AM

ජනතාව ෆොන්සේකාට කැමැත්ත තියෙනවා කියලා පේනවා. එනිසා ඔහුට ජනාධිපති තනතුර දීමට අදහස් කළොත් හොඳයි.

:       0       0

Deepal Nirosh Monday, 11 July 2022 05:05 AM

මේ දෙදෙනාගෙන් එක් අයකු පාර්ලිමේන්තු එකඟතාවයකින් තේරී පත්වීම නම් ගැටළුවක් නැහැ. හැබැයි වෙනත් අයෙකු නිල බලයෙන් තනතුරේ දිගටම රැඳී සිටියොත් අරගල කරුවන්ගේ අනේකවිධ දුක් මහන්සිය වතුරේ ගියා වෙනවා.

:       0       0

Prasheen Monday, 11 July 2022 05:44 AM

අපට අවශ්‍ය බඩගින්නට මාළු වෙනුවට බිලී පිත්තක් දෙන්න පුළුවන් නායකයෙක්. විශේෂයෙන්ම මේ වගේ අසීරු අවස්ථාවක විහිළු සපයන්නන් අනවශ්‍යයි.

:       0       0

Perera Monday, 11 July 2022 06:04 AM

ඕකට ඩලස් හරියන්නෙත් නෑ. සජිත් හරියන්නෙත් නෑ... ඒ කෙසේවෙතත් විමලෙවයි, එයාගෙ ඇම්බැට්ටයින්වයි ඔය වැඩේට ගාවගත්තොත් වැඩේ අන්තිමට අලවෙනවා සිකුරුයි...

:       0       0

ලමය Monday, 11 July 2022 06:58 AM

මේ ඩබලම එපා...

:       0       0

Ruwan Monday, 11 July 2022 07:10 AM

සජිත් ගැන අමුතුවෙන් ලියන්න ඕනෑ නෑ. ඩලස් කියන්නේ රාජපක්ෂ රෙජීමයේ තුන්වෙනි වලල්ලේ ඉන්න කෙනෙක්. වැරද්දක් දැක්කාම කෙලින් කතාකරගන්න බැරි / එකේ වගකීම් ගන්න බැරි කෙනෙක් නායකයෙක් හැටියට පිළිගන්න බෑ. හොරකන් නොකළාට හොරකම් වෙනවා දැන දැනත් නොදක්කා වගේ ඉන්න උගත්කමක් ඔවුන්ට තියෙනවා..

:       0       0

Rohana Monday, 11 July 2022 07:19 AM

ඔය එක්කෙනෙක්වත් එපා. ක්‍රමය වෙනස්කිරීමට අවංකව කැපවෙන කෙනෙකු ජනාධිපති කරන්න.

:       0       0

සිල්වා Monday, 11 July 2022 07:19 AM

සජිත් සහ ඩලස් යන දෙදෙනා එක්වී සාකච්ඡා කොට එකඟතාවයක් ඇති කරගෙන ඉදිරියට යාම ඉතා ඉක්මණින් කළයුතු සුදුසුම ක්‍රියාවක් යයි සිතමි.

:       0       0

saliya Monday, 11 July 2022 07:30 AM

සජිත් එපා. පාඨලී හෝ හර්ෂ සුදුසුය. ඩලස්ට වැඩි බලයක් ඇති නිසා ඔහු තේරේවි...!

:       0       0

Shammi Monday, 11 July 2022 08:08 AM

මේ දෙන්නටම වඩා පතෝල කරලක් සුදුසුයි...

:       0       0

naleen Monday, 11 July 2022 08:09 AM

ජනාධිපති පදවියට සිටින්නේ මේ දෙදෙනා නම් ඩලස් වඩාත් සුදුසුයි.

:       0       0

asanka Monday, 11 July 2022 08:14 AM

ඉතා සුළු මුදලක වියදමින් මෘදුකාංගයක් යොදාගෙන මේ මොහොතේ වුවද ඡන්දයක් පැවැත්විය හැක...

:       0       0

Prayigika Monday, 11 July 2022 08:43 AM

බහුතරය ඇත්තේ බැසිල්ගේ පක්ෂයේ බැවින් එය තීරණය කරනු ඇත්තේ ඔහු විසින්ය. අගමැති ජනාධිපති දෙදෙනාම පොහොට්ටුවෙන් පත්වනු ඇත. ශ්‍රීලනිපය, විමල් කණ්ඩායම එයට සහාය දෙනු ඇත. ඇමැතිවරුද එලෙස පත්වනු ඇත.

:       0       0

sharm warn Monday, 11 July 2022 09:09 AM

ආ... එහෙනම් අලුත් ගමක් හදන්න තමයි. මොවුන් දෙන්නාගෙන් කවුරුවත් එපා.

:       0       0

Bamunuarachchi Monday, 11 July 2022 10:13 AM

අරගල කලේ ඔයටික කරන්නද? කන්දක් විලිලා මීයෙක් වැදුවා කියන ආප්තොපදෙශය මතක් වෙනවා. එතකොට අනුර මහතා?

:       30       20

kamalMonday, 11 July 2022 01:24 PM

අනුර ගැලරියට හොරා පොලිස් පෙන්නපෙන්න ඉදීවි. වෙන මොන්වද?.

:       6       13

HARAMANISMonday, 11 July 2022 01:34 PM

සජිත් නම් එපා. සරත් ෆොන්සේකා, ඩලස්, චරිත හේරත් හොඳයි.

:       13       15

sharm warnTuesday, 12 July 2022 08:44 AM

මෙ දවස් වල කවුද මෙවට ගෙවන්නෙ බමුන? බසිල් කාරයටත් ගුවන් තොටුපලෙන් පෝයල් එක වැටුනනෙ..

:       0       0

kasun Monday, 11 July 2022 11:20 AM

අනුර අැරෙන්න කවුරු අාවත් කමක් නෑ. ඇනිත් එක 3% චන්ද අරගත්ත පක්ශෙක නායකයෙක් කොහොමද ජනාදිපති වෙන්නෙ?

:       19       29

දාසMonday, 11 July 2022 12:52 PM

මේ හාදයාගේ මොලේ තියෙන්නේ කොහේද?

:       18       18

BamunuarachchiMonday, 11 July 2022 02:40 PM

ඔව් ඔව්, අපිත් මේ අනුරගේ මොලේ තිබෙන තැන තමයි හොයන්නේ...

:       0       0

Chinthaka Monday, 11 July 2022 11:57 AM

මාස 3ක් තිස්සේ දුක් වින්දේ අරගල කළ තරුණයින්... සජිත්ව ඔය පුටුවේ තියන්න නොවේ...

:       4       20

දයාරත්න Monday, 11 July 2022 12:00 PM

ඔය ඩබලම එක වල්ලෙ පොල්. දවසකටවත් රටේ නායකත්වයට සුදුසු නෑ. වෙන කවුරුවත් ඇත්තේම නැද්ද?

:       6       11

Chandrakuma Monday, 11 July 2022 12:33 PM

එතකොට අනුරද අරගලයේ නායකයා...?

:       0       16

hesaMonday, 11 July 2022 05:07 PM

ඒක තමයි, අකුදි මයාට ඒ පක්ෂය් අය කැමති වුණාට, තාමත් බහුතරය එයාගේ වැඩ පිළිවෙලට, එකම දේ කියන, විශාල සංඛ්‍යා වලින් අයවැය ගණන් පෙන්වන එකමනේ... ඒවා මිනිස්සුන්ට වැඩක් නැහැ...

:       0       0

සලීමි Monday, 11 July 2022 12:42 PM

සජිත්ට නම් හොඳ කණ්ඩායමක් ඉන්නවා. රටට යමක් කරන්න පුළුවන්. ඩලස් මොනවා කරන්නද දන්නේ...පිස්සු? අනික හොර තක්කඩි රැල වටකරන් ඉන්නේ...!

:       30       15

චින්තක Monday, 11 July 2022 04:00 PM

කවුරු ඩිස්ලයික් දැම්මත් සජිත්ගේ කණ්ඩායමේ සජිත් සමග සුදුස්සන් ගොඩක් ඉන්නවා හර්ෂ, පාඨලී, ෆොන්සේකා, එරාන්, එයින් කීප දෙනෙක්... පොහොට්ටුවේ අයගෙනුත් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා ඩලස් හැර... අනුර හා හරිනුත් හොඳයි... මෙයට අමතරව සුමංදිරන් ඉතාම දක්ෂයෙක්... සර්ව පාක්ෂික නම් ඔවුන් අන්තර් කාලීන පාලනය සඳහා ගතයුතුයි..

:       10       9

Sam Monday, 11 July 2022 12:45 PM

ජනාධිපති ධුරය සඳහා මහචාර්ය ජී.එල්. පීරිස්. සුනිල් හඳුනෙත්ති අගමැති සඳහා වඩාත් සුදුසුයි. සජිත් අරගලේ දවසේ බොරු ලෙඩඅරගෙන ඉස්පිරිතාලේ නැවතුණා..

:       18       12

දාස Monday, 11 July 2022 12:54 PM

අනුර අංක 1ට එයි.. ඡන්දයක් තියලා බලන්න මල්ලී? 69% ගත්තු පොරට වෙච්චි දේ දැක්කානේ...!

:       23       21

අසංග Monday, 11 July 2022 01:14 PM

සජිත්ව පත්කර ගනිමු. මහ මැතිවරණයක් එනතුරු රටේ ප්‍රශ්න විසඳන්න. එයත් රනිල් වගේ වුණොත් මහ මැතිවරණයකදී අනුරව පත්කර ගනිමු.

:       17       12

BamunuarachchiMonday, 11 July 2022 05:32 PM

තුවා නොමිලේ දීලා ඒවි. පළවෙනි පොරොන්දුව ඉෂ්ට කරලා එතැනින් වැඩ පටන් ගනී.

:       0       0

HARAMANIS Monday, 11 July 2022 01:31 PM

සජිත් පුතානෝ නම් එපා . ඩලස් හෝ SFහොඳයි.

:       12       15

mahinda Monday, 11 July 2022 01:45 PM

මම නම් පාරට බැස්සේ, අරගලකලේ සජිත් වගේ කෙනෙක් වත් මුලු රටම බොරුවෙන්, කපටිකමෙන් ජනතාව රැවටූ ඩලස් වැනි කෙනෙකු රජ කරවීමට ඒ අරගලයට කරනා නින්දාවයි...!

:       5       19

ගමේ එකාලාMonday, 11 July 2022 06:18 PM

පාර්ලිමේන්තුවේ ඉන්න 225 එපා කියලයි කිව්වේ. ජී.එල් කියන්නේ කිසිම වැඩක් හරියට කරගන්ඩ බැරුව පැති මාරු කරපු කෙනෙක්. ඩලස්, මහින්ද චින්තනේ කියලා බොරු බේගල් වට්ටෝරු දෙකක් පෙන්නලා රටම ඇන්දෙව්වා..

:       2       10

Ratawasiyek Monday, 11 July 2022 02:03 PM

අනිවාර්යයෙන් සරත් ෆොන්සේකා මහත්තයා හොඳයි. කෙලින් මිනිහෙක් ඕනේ මේ වෙලාවේ. පුතාණෝ, පියාණෝ මොනවා කරන්නද? අනුර ඕනේම නම් අගමැති කරලා ෆොන්සේකා මහත්තයගේ ෆයිල් පෙරලන්න කියමු. එයාට වැඩක් කරන්න අමාරුයි. ඒ වැඩේ හොඳටම කරනවා.

:       11       17

sampath Monday, 11 July 2022 05:03 PM

මේක හිසරදේට කොට්ටෙ මාරුවක්. කෙසේවෙතත් දෙවැනි ජනමනාපය සජිත්ට තියෙන්නේ. ඒ නිසා සජිත් තේරීම වඩා සාධාරණයි. අගමැතිකමට දිනේෂ් වගේ නිවුණු චරිතයක් සුදුසුයි. මේ මොනවා කළත් මැතිවරණයකට යාම හැර එක එක මූණු ගේන එක... පරණ අරක්කු අලුත් බෝතලයකට දැම්මා වගේ දෙයක්...

:       0       0

chandima Tuesday, 12 July 2022 12:47 AM

ඩලස් රාජපක්ෂලාගේ ගෝලයා... සජිත් රනිල්ගේ ගෝලයා. අන්තිමේ අපට වෙන්නේ ඉල්ලන් කෑවා වගේ වැඩක්...

:       0       0

sharm warn Tuesday, 12 July 2022 08:50 AM

ඉදිරිපත් වෙන්න කැමති කට්ටිය එකතු කරල කොටුවෙ දුම්රියපොල ලග ඉදල ගෝටගෝගමට පයින් යන්න කියන්න. ඉතුරු වෙන එකාව පත්කරමු.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 311 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 191 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 827 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 55 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2167 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 404 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site