(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගොඩ 20 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගෘහ භාණ්ඩ තොග වෙළද සලකට අද (25) දින සවස මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ යතුරු පැදි හිස් වැසුම් පැළද ගිනි අවි දෙකක් අතැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සේප්පුවේ තිබූ රැපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.
කොල්ලකරැවන් දෙදෙනා ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පිස්තෝලයක් රැගෙන ආයතනයට ඇතුළු වී එහි පිළිගැනීමේ නිළධාරිණියන් දෙදෙනාගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කරගෙන ගොස් ගිනි අවි හිසට තබා බියකර සේප්පුවෙහි රහස් අංකය විමසා එය විවෘත කර එහි තිබූ මුදල් රැගෙන පලා ගොස් ඇති බවද පොලිසිය පවසයි.
එම කොල්ලකරැවන් දෙදෙනා පලා යන අවස්ථාවේදී එහි පිරිසිදු කිරීමේ සේවකයෙකුගේ මුහුණට හමු වී ඇති බවත් ගිනි අවි පෙන්නා තර්ජනය කිරීම නිසාවෙන් බියට පත් සේවකයා දිව ගොස් ඇතැයි ද සිදුකල විමර්ශණයේදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
එම ආයතනය තුල සවිකර තිබෙන ආරක්ෂිත කැමරා සහ අවට කැමරා දර්ශන ඔස්සේ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කළ බව මීගොඩ පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය.
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මීගොඩ ගෘහ භාණ්ඩ වෙළෙඳහලෙන් ලක්ෂ 60ක් කොල්ල කාලා