
(අංජුල මහික වීරරත්න)
මත්තල ගුවන් තොටුපොලේ මේ වන විට දිනක පාඩුව රුපියල් ලක්ෂ 60-70 අතර අගයක් ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාවේදී අනාවරණය විය.
මත්තල ගුවන්තොටුපොලේ වසරක පාඩුව රුපියල් කෝටි 400 ක් බවද එහිදී සඳහන් කෙරිණි.
මත්තල ගුවන් තොටුපොළ සඳහා ආයෝජන යෝජනා මේවන විට කැඳවා ඇති අතර 2027 වන විට ඊට අදාළ කටයුතු අවසන් කළ හැකි බව මෙහිදී නිලධාරීහු පෙන්වා දුන්හ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ 2026 වසරේ ප්‍රගතිය සහ 2027 වසරේ අයවැය ප්‍රතිපාදන සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ගුවන්තොටුපළ සහ ගුවන් සේවා පුද්ගලික සමාගම , සිලෝන් ෂිපිං කෝපරේෂන් , ශ්‍රී ලංකන් ගුවන් සමාගම , ශ්‍රී ලංකා කේටරින්, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය, වෙළෙඳ නාවික ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා වරාය කළමනාකරණ සහ උපදේශන සේවා පුද්ගලික සමාගම, ජයා කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් යන ආයතන වල ක්‍රියාකාරිත්වය, 2026 අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ මෙහිදී විමසා බලනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපුටා හිට් ද ප්ලේන්.ඒනිසා ගුවන් යානා එන්නේ නැතුව ඇති.
තවත් රට ගොඩගැනීමේ ප්‍රතිඵලයක්. ආයෙමත් පත්කරගෙන නැවත නැවතත් රට ගොනගනිමු. ජාතිය, ආගම සුරකිමු.
ඔය තමයි රාජපක්ෂ අපේ දුප්පත් රටට අත්කර දුන් විනාශය තම පවුලට කොමිස් ගහන්න .
පාඩු වෙන එක අමුතුවෙන් කියලා කියන්ඩ දෙයැක්යැ?.කපුටෝ ඇටෑක් කරනවා කියලනේ මොළහතා කිව්වේ?
මැදමූලන චෞර පරම්පරාවේ (මහින්ද) රාජපස්සගේ නම ගහපු බෝඩ් ලෑල්ල එල්ලා ගැනීමේ ආශාවෙන්, වන අලි නිදහසේ සිය රජ දහන කරගත්, මොණරු රගන, මහ කැලෑවක් මැද අටවා ගත්, මෙ "හුළං තොටුපොළින්" ගුවන් ගත වුනේත්, ගොඩ බෑවේත් විවිධාකාර කුරුල්ලන් මිස ටොන් සිය ගණනක් බර අධිවේගී ගුවන් යානා නොවන බව පැහැදිලිවම හැමෝම දන්නා කරුණකි. කෙසේ වෙතත්, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති වීමෙන් පසු, හුළං වැදෙමින් තිබුණු මෙම සුදු අලියාගෙන් ප්‍රයෝජනයක් ගැනීම සඳහා පළාතෙන්ම රැස්කර ගත් වී තොග ගබඩා කිරීමේ කාර්යය සදහා යොදා ගැනීම සිදු කළ බව සිහි තබා ගත යුතුයි. මෙම සුදු අලියා වෙනුවෙන් රටම ණය කර කැලෑව මැද අටවා ගත් මෙම හුළං තොටුපළට වැයකළ අති විශාල ධනස්කන්දයෙන්, රටපුරා අති විශාල වී ගබඩා සිය ගණනක් ඉදිකිරීමට පුළුවන් කම තිබුනා කියලා මගේ සීයා ගණන් බලා තිබේ. මහින්දට නොතිබූ චූටි මොළයක් මගේ සීයාට තිබීම ගැන අපි සතුටු වෙනවා...