(ගයාන් සූරිය ආරච්චි)
බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලායාම සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (16) අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 30 - 36 ක් වන ඉඹුල්ගස්දෙණිය සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් අපරාධයට යොදා ගත් ත්‍රී රෝද රථයක් ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 115 සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී මෙම අපරාධයට යොදා ගත් බවට අනාවරණය වූ ව්‍යාජ ලෙස සකසන ලද අංක තහඩුවක්, කඩුවක්, අපරාධකරුවන් ප්‍රවාහනය සඳහා යොදා ගත් ත්‍රී රෝද රථයක් හා ජංගම දුරකථනයක් විමර්ශන නිලධාරින් භාරයට ගෙන ඇත.
බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බොරැල්ලේ වෙඩි තැබීමට උදව් කළ දෙන්නෙක් අල්ලයි