
(ගයාන් සූරියආරච්චි)
ශ්‍රි ලංකා සංචාරක හා හෝටල් කළමනාකාර ආයතනනයේ බාහිර කථිකාචාර්යවරියක පිහියකින් කපා කොටා ඝාතනය කළ බව කියන සමීප සම්බන්ධතාවක් පැවැත්වූ පුද්ගලයකු යාපනය ප්‍රදේශයේදී දුම්රියක ගැටී මියගිය බව යාපනය මූලස්ථාන පොලිසිය පවසයි.
සැකකරු එල්ල කළ පිහි පහරවලින් මියගිය කථිකාචාර්ය වරියගේ මව ද තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය කීය.
මෙසේ ඝාතනය කර ඇත්තේ යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පදිංචි ඈන් ලක්ෂා නැමැති 32 හැවිරිදි එක් දරු මවකි.
ඝාතනයට ලක්වූ කාන්තාව යාපනය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණවේදී උපාධි ධාරිනියක වන අතර ඇය ව්‍යාපාර පරිපාලන ශාස්ත්‍රපති උපාධිය හදරමින් සිට ඇති බව පොලිසිය කීය.
එමෙන්ම ඇය මහනුවර විවෘත විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා හා උපදේශන ඩිප්ලෝමාධාරිනියක ද බව පොලිසිය කීය.
මිය ගිය කාන්තාව ශ්‍රි ලංකා සංචාරක හා හෝටල් කළමනාකාර ආයතනනයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස ද කටයුතු කර ඇති බව විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත.
මියගිය කාන්තාවට අවුරුදු 10 ක දියණියක සිටින අතර එම කාන්තාවගේ නීත්‍යානුකූල සැමියා වසර කීපයකට පෙර මියගොස් ඇති බව පොලිසිය කීය.
මියගිය කාන්තාව සැකකාර පුද්ගලයා සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන යන අතරතුර විදේශ රටක සිටින පුද්ගලයකු සමග ද ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් පසුව එම සම්බන්ධතාව නවතා වෙනත් පුද්ගලයකු සමග අනියම් සම්බන්ධතා පවත්වාගෙන ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු සහ කාන්තාව අතර ඇති වූ ආරවුල් මත සැකකරු පිහියක්ද සගවාගෙන බාහිර කථිකාචාර්යවරියගේ නිවෙසට රාත්‍රී පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිසිය කියයි.
දේහ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණ කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd