(මනෝප්‍රිය ගුණසේකර)
හිමිකරුවන් විදේශගතව සිටියදී කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමකට හොර ඔප්පු සකස් කොට විකුණා නිවසේ තිබු රන් ආභරණ ඇතුළු දේපළ විකිණීම ඇතුළු චෝදනවලින් හිටපු පොලිස් නිලධාරියකු නිදොස් කොට නිදහස් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් සොරාගෙන එහි එන්ජිම කොටස් කර විකුණීමේ චෝදනාවට වරදකරු වු එම පොලිස් නිලධාරියාට වසර 04ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අද (02) නියම කළේය.
විත්තිකාර හිටපු පොලිස් නිලධාරියා සමඟ එක්ව මෙම අපරාධය කළ අපරාධයේ මහමොළකරු වු බුලත්සිංහලගේ ගුණසිංහ නැමැති විත්තිකරු වසර 23ක කාලයක් ගත වුවත් අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසියට නොහැකිවීම පිළිබඳව මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා කණගාටුව පළ කළේය.
හිමිකරුවන් විදේශගතව සිටි නිවස ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථය සොරාගෙන එහි එන්ජිම කොටස් කර විකුණීමට අදාළ විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් ඔහුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 10000/- දඩයකටද යටත් කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් අමතර මාසයක සිර දඬුවමකටද ඔහු යටත් කළේය.
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ පොලිස් පරීක්‍ෂකවරයකු වශයෙන් කටයුතු කළ ඇල්ලගේ සුජිත් රූපසිංහ නමැත්තාටය.
2000 වසරේ කොල්ලුපිටියේදී පැමිණිල්ල නොදත් බුලත්සිංහලගේ ගුණසිංහ නැමැති පුද්ගලයා සමග එක්ව හිමිකරුවන් විදේශගතව සිටියදී කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවසක් සහිත ඉඩමකට කූට ලේඛන සැකසීම, එම නිවස සහිත ඉඩම හොර ඔප්පු සකස් කොට විකිණීම, නිවසේ තිබු මෝටර් රථය සහ රන් අභරණ සොරා ගැනීම ඇතුළු අධිචෝදනා හයක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණී.
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පොලිස් නිලධාරියා හොර ඔප්පු හැදුවාට නිදහස් වාහනය මස් කළාට හිරගෙට
මොට්ටපාල Friday, 02 June 2023 05:35 PM
නොතේරුම්කම නිසා අහන්නේ... එතකොට හොර ඔප්පුවක් හදා විකිණූ ඉඩම මුල් අයිතිකරුවන්ට අහිමි වෙනවද?
Walter H. WhiteFriday, 02 June 2023 09:26 PM
ගත්තු ඉඩමට ලැබුණු ඔප්පුව හොර ඔප්පුවක් නම් නීත්‍යානුකූල වෙනවද?
නිහාල් Friday, 02 June 2023 10:11 PM
වසර 23ක් නඩු කිව්වාම ඉඩම අයිතිවෙලා ඵලක් තියෙනවද?
සෙනෙවිරත්න Saturday, 03 June 2023 08:23 PM
හොඳ ප්‍රශ්නයක්... හොර බඩුවලට වෙන ඉරණම තමයි මේකටත් වෙනවා ඇත්තේ...!