(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය පවත්වා අදට මාස දෙකකට වැඩි කාලයක් ගොස් ඇතත් පළාත් පාලන ආයතන පනහක පමණ බලය විවිධ හේතු මත තවමත් පිහිටුවීමට හැකිවී නැතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
මේ හේතුවෙන් එම සභාවලට තවමත් ජනතා සේවා කටයුතු ආරම්භ කිරීමට නොහැකිව පවතින්නේය.
සභා රැස්වීම සඳහා ඝණ පූරණය නොමැති වීම ඇතැම් සභිකයන්ගේ නම් ගැසට් නොකිරීම සහ යම් යම් අධිකරණය නියෝග යනාදිය හේතුවෙන් මෙම සභා පිහිටුවීමට නොහැකිව තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය.
යම් සභාවක් රැස්වීමට මුළු සභිකයන්ගෙන් සියයට පනහක් සිටිය යුතු නමුත් සමහරුන් හිතාමතාම නොපැමිණීම හේතුවෙන් මෙම ඝණ පූර්ණය පිළිබඳ ගැටලුව මතුව තිබෙන බව අමාත්‍යවරයා කීය.
වනාතවිල්ලූව ප්‍රාදේශීය සභාවේ කාන්තා නියෝජනය පිළිබඳ ගැටළුවකට අදාල අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් එම සභාවේ පාලනය පිහිටුවීමට නොහැකිව ඇති බව චන්දන අබේරත්න මහතා පැවසීය.
කෙසේ වෙතත් ජනතාව සඳහා මෙම සොබා ඉක්මනින් පිහිටුවා ගැනීම අපේක්ෂාව බව ඔහු වැඩිදුරටත් කීවේය. පළාත් පාලන ආයතන 337 ක් පිහිටුවීම සඳහා පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ පසුගිය මැයි මස 6 වැනිදාය.
ප්‍රාදේශීය සභා 274ක් මහ නගර සභා 27ක් සහ නගර සභා 36ක් වෙනුවෙන් පැවති මෙම ඡන්ද විමසීමට පිළිගත් දේශපාලන පක්ෂ වලින් සහ ස්වාධීන කණ්ඩායම් වලින් අපේක්ෂකයෝ අටදහසකට වැඩි පිරිසක් සහභාගි වුහ. පළාත් පාලන මැතිවරණය සඳහා වැය වී ඇති මුදල රුපියල් කෝටි 1100කට ආසන්නය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පුංචි සභා පනහක වැඩ කොටඋඩ