
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු ක්‍රියාදාමය සහ සම්ප්‍රදායන් පිළිබඳව කලුතර “දහම් සෙවණ” දෙව් සත්හලේ පූජක සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් ජනකාන්ත සිල්වා සහ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩබලන) එම්. ජයලත් පෙරේරා යන මහත්වරු මෙම වැඩසටහනේ සම්පත්දායකයෝ වූහ.
පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ඇතුළු කරුණු පැහැදිලි කිරීම මෙහිදී සිදුවූ අතර පූජක සිසුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවිය .
අනාගත ආගමික නායකයන් ලෙස ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිය වගකීම් භාරගැනීමට නියමිත මෙම පූජක සිසුන්ට පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධය ප්‍රායෝගික දැනුම සහිතව ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ස්තුතිය පුදකරන බව මෙම අවස්ථාවට සහභාගී වූ දෙව්සත්හලේ මණ්ඩපාධිපති සිසිල් ජෝ පෙරේරා පියතුමා සඳහන් කළේය.
දෙව්සත්හල නියෝජනය කරමින් නිමේශ් ද සිල්වා පියතුමා ද මෙම වැඩසටහනට එක්ව සිටියේය.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වර්ගයට යන්න ඒ දැණුමත් ඕනද?
නෑ panasilu, මේ ලෝකේ නීති හදන තැන් ගැනත් හැමෝම (මෝඩයන් නොවන) අය දැන ගත යුතුයි.