(අංජුල මහික වීරරත්න)
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වල ඉතිහාසය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිත නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය. ෙනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත්සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,
නව අධ්‍යාපන ප්‍රතිසංසකරණය හරහා සෞන්දර්යය, ඉතිහාසය සහ වෘත්තීය විෂයක් හැදෑරීම අනිවාර්ය කර තිබෙනවා. නමුත් මේ ජාතික වැඩ පිළිවෙල පිළිබඳ නිසි අධ්‍යයනයක් කරන්නේ නැතිව සමහර පාර්ශව අසත්‍ය ප්‍රචාර කරමින් ඉන්නවා. ඉතිහාසය සහ සෞන්දර්යය විෂය ඉවත් කරලා කියලා.
මේ විෂයන් ගැන විෂයේ ප්‍රවීණයන් සමග දින ගනනාවක් සාකච්ඡා කරලා. සෑම දරුවෙක්ටම ඉතිහාසය හා මානුෂිය ගුණාංග වර්ධනය වන සෞන්දර්යය විෂය හදාරන්න අවස්ථාවක් ලැබෙන ලෙස මේ ප්‍රතිසංස්කරණය සිදු කරලා තිබෙන්නේ. අපි දේශපාලනය කරමු නමුත් අධ්‍යාපනය සහ දරුවන් ඒකට ගාව ගන්න එපා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව එකී විෂයන් හදාරන්නේ කොහොමද කියන එක අපි කියලා තියෙනවා. තමාගේ ක්ෂේත්‍රයට විතරක් කොටු නොවන ගුණාත්මක දරුවෙක් කොහොමද නිර්මාණය කරන්නේ කියලා. අපි අවබෝධයෙන් මේ ප්‍රතිසංස්කරණය සිදු කරන්නේ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිලිබඳ දැනුවත් වන සියලු දෙනා සත්‍ය තත්වය සමාජයට ගෙනියන ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතිහාසය-සෞන්දර්ය අනිවාර්යයි
ගුණරත්න Thursday, 17 July 2025 02:41 PM
මිනිස්සු බනින්න ගත්තාම තාලේ හිමීට වෙනස්කරගෙන විවේචනය කරපු අයටම බනිනවා, මාලිමාවේ දේශපාලනේ හැටි! අපි ආණ්ඩුවේ ලියැවිල්ලක් දැක්ක සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණු ලියැවිල්ලක්, එහි තිබ්බේ ඉතිහාසය ඔප්ෂනල් කියලා, ඕන නම් කරන්න! ඔන්න ඔහොම තිබ්බේ...
අරවින්ද මොණරවිල Thursday, 17 July 2025 07:38 PM
ඉතිහාසය කන්නද කියලා ඇහුව නායකයෝ ඉන්න රටක, ඒ කාලයේ මීක් නැතුව හිටිය තාත්තාලාගේ පුතාලාට දැන් ඉතිහාසය ප්‍රේමය දෝරේ ගලනවා.