IMG-LOGO

දැන් භාණ්ඩාගාරෙන් යැපෙන තැපෑල ලාභ ලබන තැනක් කරනවා

(අංජුල මහික වීරරත්න)

මෙරට ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස මෙන් ම ආරක්ෂිත හා අඩුම වියදමකින් සේවා සපයන ස්ථානයක් බවට ශ්‍රී ලංකා තැපැල් සේවාව පත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීම ඉදිරි දැක්ම කරගත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ජනතා අයිතියට පත් කෙරුණු අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

පොළොන්නරුව ප්‍රධාන තැපැල් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව මුද්දර උප කවුළුව විවෘත කිරීම, උප කාර්යාලය මගින් නිකුත් කරන ලද පුද්ගලකාරක මුද්දරය පිරිනැමීම සහ ප්‍රථම ගණුදෙණුව සිදු කිරීම ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අතින් සිදු විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී කියා සිටියේ වසර 228 පමණ ඉතිහාසයක් සහිත මෙරට තැපැල් සේවාව සැලසුම් සහගතව සංවර්ධනය කරන බවයි. 

ලංකාවේ ඉතිහාසය සහ අනාගතය එක් කරන ප්‍රධාන මාධ්‍ය ලෙස තැපැල් සේවාව පත් කිරීමට තැපැල් කාර්යාල 4000 කින් සහ 22,000 පමණ  වන තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය දායකත්වය ලබා දිය යුතු බව ද අමාත්‍යවරයා කීය.

දැනට භාණ්ඩාගාරයෙන් යැපෙන තැපෑල නවීන තාක්ෂණික සේවාවන්, නව මුහුණුවරක් ද සමගින් ලාභ ලබන ආයතනයක් මෙන්ම  ජනතාවට එන්න හිතෙන තැනක් බවට පත් කරන බව ද අමාත්‍යවරයා  පැවසී ය.



අදහස් (2)

දැන් භාණ්ඩාගාරෙන් යැපෙන තැපෑල ලාභ ලබන තැනක් කරනවා

ගුණරත්න Thursday, 17 July 2025 02:45 PM

ජර්මන් තැපෑල වගේ ලොකු ව්‍යාපාරයක් කරන්න බැරිකමක් නැහැ. ප්‍රශ්නය ඕකේ අරක්ගෙන ඉන්න වෘත්තීය සමිති මාෆියාව, ඔවුන් ප්‍රතිසංස්කරණ වලට කැමැති නැහැ...!

:       0       1

මහසෙන් Thursday, 17 July 2025 02:46 PM

මාන්නය ගේන්නේ විනාශය...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 279 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 450 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site