
(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
උසස් පෙළ විභාගයට ඉදිරිපත් වීමට නියමිත පාසල් දැරියක මහරගම නගර සභා පරිශ්රයේ පිහිටි පුස්තකාලයට පාඩම් කරන අතරතුර එහි නිළධාරීන් කිසිදු වග විභාගයකින් තොරව ඇය පුස්තකාලයේ සිටියදී දොරගුළු වසා පිටව යාම හේතුවෙන් එම සිසුවිය පැය භාගයක පමණ කාලයක් පුස්තකාලයේ සිර වී සිට ඇතැයි මහරගම නාගරික මන්ත්රීනි රසිකා ගුණසිංහ (පො.එ.පෙ) මහත්මිය පැවසුවාය.
පසුව සිසුවිය කෑ ගසා ඇති අතර ඒ බව පුස්තකාලය ආසන්නයේ අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි දෙදෙනකුට ඇසී ඔවුන් පැමිණ නගර සභා නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසුව සිසුවිය පිටතට ගෙන ඇති බව මන්ත්රීවරිය වැඩිදුරටත් කීවාය.
පාඩම් කිරීමෙන් අනතුරුව සිසුවිය පිටව යාමට පැමිණි අවස්ථාවේදී දොරගුළු වසා තිබෙනු දැක බියවී කෑ ගසා ඇති අතර ඒ බව පුස්තකාලය අසල අතුරු මාර්ගයක ගමන් කරමින් සිටි දෙදෙනෙකුට ඒ බව ඇසී පැමිණ සභා පරිශ්රයේ සිටි නිළධාරීන්ට දන්වා තිබේ.
එම අවස්ථාවේදී සභා පරිශ්රයේ රැඳී සිටි කම්කරුවන් දෙදෙනකු අවසරයකින් තොරව ඉහළ මහලයට නැග ඇති බවත් දොරවල් විවෘත කොට සිසුවිය පිටතට ගැනීමෙන් පසුව එහි සිටි කම්කරුවන් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර ඇති බවද මන්ත්රීවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වෙලාවට ඔය පුස්තකාලය එහා පැත්තෙ පාරක් තියෙන්නෙ, එතනින් නිතරම මිනිස්සු යන නිසා හොදයි ,නැත්නම් එ කෙල්ලට් පහුවදා උදේ වෙනකන් ඕකෙ ඇතුලෙ ඉන්නයි වෙන්නෙ
ඔය නගර සභාවෙන් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ
පුස් කාලය පරීක්ෂා නොකර එය වසාදමන්නට මෙම ගොබ්බයන් හදිසි වුනෙ ගෙදර යන්න තියෙන අන්තිම බස් එක මිස් වෙයි කියලායි අපි හිතනවා. උන් ගේ රාජකාරිය පැහැර හැරීම මුල් කරගෙන වහාම ක්රියාත්මක වන පරිදි වැඩ තහනම් කර විනය පරීක්ෂණයක් කර දඩුවම් දිය යුතුය. හිරවී සිටි දැරියගෙ දෙමාපියන් උන්ට එරෙහිව නීතිමය පියයුරු ගත යුතුය. බියට පත්වූ ඇය සිහිසුන්ව බිම ඇද වැටී අනතුරක් සිදුවූවා නම් ඇයට දෙවියන්ගේම පිහිට තමා ...
දැරිය බේරා ගැනීම සඳහා කාගෙන්ද අවසර ගතයුතුව තිබුනේ? කැකිල්ලේ තීන්දු ක්රියාත්මක වන මේ කාලයේදි අවසර පතා සිටියා නම් ඊට අවසර නොලැබී දැරිය බන්ධනාගාර ගතවෙන්නත් ඉඩ තිබුනා
පාසලකත් දරුවෙකුව වැසිකිළියක් ඇතුළේ ඉද්දී වහලා ගිහින් ලොකු අක්රමිකතාවයක් කාලෙකට පෙර උනා මට මතකයි.. දරුවන් සහ මහජනයා ගැවසෙන පුස්තකාල සහ පොදු ස්ථාන සවස කාලයේ වසා දැමීමට පෙර හොඳට සෝදිසි කරලා කවුරුවත් නැහැයි කියලා හොඳට සැක හැර දැන ගත්තාට පසුවයි එවැනි ස්ථාන වසා දැමිය යුත්තේ. ඉවසීමක් තියෙන හොඳ කාරුණික වගකීම සහිතව වැඩ කරන කරුණාවන්ත හොඳ පුද්ගලයින් තමයි මේවගේ වැඩවලට ගන්න ඕනා.