ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා විදෙස් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ පරීක්‍ෂාවට ලක්වූ බව එම රෝහලේ වෛද්‍යවරු කියති. සිංගප්පූරුවේ සුප‍්‍රසිද්ධ රෝහලක වෛද්‍යවරයෙක් ඉකුත් බ‍්‍රහස්පතින්දා ද ලන්ඩන්හි සුප‍්‍රසිද්ධ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් අද ද (16) ඔහු පිරික්සූහ. ඔවුන් පැමිණ ඇත්තේ නෑයන්ගේ ඉල්ලීම අනුවය. මන්ත‍්‍රීවරයාට ප්‍රෝටීනමය දියර ආහාර වර්ග දෙන අතර රෝගී තත්ත්වයේ සැළකිය යුතු වෙනසක් නැති බව මෙරට වෛද්‍යවරු කියති.