(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

වෙළඳපොළේ  ඉන්ධන  හිඟයක් ඇති  නොවන විදිහට කටයුතු කරන්නැයි සමාගම්වලට දැනුම් දුන් බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (06) පැවසීය.

ඉන්ධන බෙදාහැරීමේ ගැටලුව අද හෙටම සමනය වේ යැයි බලාපොරොත්තු වන බව කී අමාත්‍යවරයා  ගිවිසුම් අනුව ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන්  පෞද්ගලික සමාගම්වලට  නියෝග නිකුත් කිරීමේ හැකියාවක් නැතැයිද  ප්‍රකාශ කළේය.

ලංකාවේ අවම තෙල් තොග පවත්වාගෙන යෑම කර  නැති සමාගමකට අමාත්‍යාංශ ලේකම් හරහා  දැනුම්දීමක් කළ බවද  ඔහු කීය.

අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ සමගි ජන බලවේගයේ කුරැණෑගල දිස්ත්‍රික්  මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරැ දෙමිනි.