(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

තෙල් බෙදා හැරීමේ කටයුතු අඩාල කළහොත් පනත අනුව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නීති උපදෙස් ගනිමින් සිටින බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බල ශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.

ඔහු මෙසේ පැවසූවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අනුර කරුණාතිලක මහතා මෙසේද පැවසීය.

ගිවිසුම් අනුව තමන්ට එ් අයගේ මිල සූත්‍රයට අනුව මිල වැඩි කරන්න පුළුවන්. එහෙම කරන්නෙත් නෑ. අපට ඒගොල්ලන් ඉල්ලන ප්‍රමාණයට මිල වැඩි කරන්නත් බැහැ. සහනාධාර දෙන්නත් බෑ. ඒගොල්ලන්ගේ පිරිවයට අනුකූලව විකුණන්න අවස්ථාව සලසලා දෙන එක විතරයි කරන්න පුළුවන්.

ඔපරේටර්ස්ලා සමග අද සාකච්ඡාවක් තියෙනවා. ඒ අය මේක දිගටම කරගෙන ගියොත් ගිවිසුම්වලට අනුකූලව සහ අමාත්‍යාංශයට තියෙන බලතල වලට අනුව නීති උපදෙස් ලබාගෙන කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.