IMG-LOGO

තීරු බදු අඩුකර ගනන පිරිසක් යළි ඇමෙරිකාවට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ අන්‍යෝන්‍ය තීරු බදු ක්‍රමය යටතේ මෙරටට පනවා ඇති සියයට 30 ක තීරු බද්ද අඩු කර ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ඉහළ පෙලේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් අනිද්දා (18) ඇමරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද ප්‍රකාශ කළේය.

වොෂින්ටන් නුවරදී මෙරටට පනවා ඇති සියයට තිහක තීරු බද්ද අඩුකර ගැනීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස උපරිම උත්සාහ කරනු ඇති බවද විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.

ඇමෙරිකානු වෙළෙඳ නියෝජිතයන් සමඟ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සිදු කරන සාකච්ඡාවලදී දෙරට අතර ද්වී පාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළඹීමට ඇති හැකියාව ද සොයා බලනු ඇතැයි හේරත් මහතා ප්‍රකාශ කළේය.

ඉහළ පෙලේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත සහ ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ඇතුළු පිරිසක් අයත්වන බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේය.

ජනපති ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බදු ක්‍රමය යටතේ පසුගිය අප්‍රේල් 2 වැනිදා මෙරටට සියයට 44ක තීරු බද්දක් පැනවීමට යෝජනා විය. එය පසුගිය අප්‍රේල් 9 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණත් ඇමෙරිකාව ශ්‍රී ලංකාවට සාකච්ඡා මේසයට පැමිණීමට කාලය ලබාදෙමින් දින 90 ක සහන කාලයක් ලබාදුන්නේය.

සහන කාලය තුළදී ශ්‍රී ලංකාව සක්‍රීයව ඇමෙරිකානු වෙළඳ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රටකට ලබා දුන් වැඩිම තීරු බදු ප්‍රතිශතය අඩු කිරීම ශ්‍රී ලංකාවට ලබා දෙමින් දින 90 ක සහන කාලය අවසානයේදී ඇමෙරිකාව ශ්‍රී ලංකාවට සියයට 30 තීරු බද්දක් පනවනු ලැබුවේය.

 



අදහස් (0)

තීරු බදු අඩුකර ගනන පිරිසක් යළි ඇමෙරිකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 69 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 284 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 128 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site