
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඩී.එස්.සේනානායක,ඩඩ්ලි සහ බණ්ඩාරනායක යුගයන් වලදී රටේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ලොකු වැඩ කොටසක් කෙරුණ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අප ඒ කාරණය පිළිගන්නවා. ඊට පසු කාලීනවත් වාරි ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කෙරුණා.ඒත් එක්කම පසුකාලීනව හොරකමත් වැඩි වුණා.වැඩ කරනවට වඩා හොරකම කොමිස් ගැහිල්ල පසුකාලීනව වැඩිවුණා.
ඒ අතීත නායකයන්ට අපේ රටේ පොදු ජනතාවගේ ගෞරවයක් තියෙනවා.පසුගිය කන්න තුනේදී ගොවියාට කිසිම වැඩපිළිවෙලක් සකස් කලේ නැතැයි මේ යෝජනාවෙන් කියවුණා.ඒ කන්න තුනට කලින් ඒ කියන්නේ තමුන්නාන්සේලාගේ යුගයේ ගොවියාට කිරියෙන් පැනියෙන් උතුරා තිබුණ බව එයින් අදහස් වෙනවා.අප මේ කතා කරන්නේ ගොවියන් සමග එකට කතා කරලා ඒ සජීවී අත්දැකීම් සමඟයි.විපක්ෂය ආණ්ඩු කරන කාලේ කාලේ අම්පාරේ බඩ ඉරිඟු ගොවියාට කෝටි 32 ක් පොලු තිව්වා.මොනරාගල ගොවියාට කෝටි 16 ක් පොලු තිව්වා.එදා වන්දි ගෙවනවා කිව්වට සත පහක් ගෙව්වේ නෑ.මේක තමයි ඉතිහාසය යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd