
(නිමල කොඩිතුවක්කු)
මෙරටින් වාර්ථා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් අද(17) දිනය වනවිට මෙරටින් ඩෙංගු රෝගීන් 73,455 ක් වාර්තාවී ඇතැයි ද එහි වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසීය.
ඩෙංගු රෝගීන් 1,025 ක් ඊයේ දිනයේ පමණක් වාර්ථා වී ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කළේය.
සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 52.50ක වැඩිම රෝගීන් ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 38,700 කි.
ගම්පහ දිස්ත්්රික්කයෙන් ද 15,341 ක රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,625 ක් වාර්තා වි ඇත.
වසරේ ගත වූ කාලය තුළ වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ජූනි මාසයේදී වන අතර, එම රෝගීන් සංඛ්‍යාව 21,538 කි.
ජූලි මස පළමු දින 16 තුළ පමණක් ඩෙංගු ආසාදිතයින් 18076ක් හඳුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd