
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ආදායම් උත්පාදනය ශක්තිමත් කිරීම සහ රටේ ඉදිරි සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම අරමුණු කරගනිමින්, ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශය විසින් සංවිධානය කරනු ලබන “බදු ශක්ති 2026” ජාතික බදු සතියේ සමාරම්භක අවස්ථාව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
බදුකරණය සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින සෘණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කරමින්, ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ බිහි කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක “බදු ශක්ති 2026” වසර පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩසටහනක් වන අතර එහි සමාරම්භය සනිටුහන් කෙරෙන විශේෂ ජාතික බදු සතිය අද (06) සිට ජූලි මස 10 වනදා දක්වා දිවයින පුරා ක්‍රියාත්මක වේ.
ඊට සමගාමීව මාධ්‍ය සහ ප්‍රවර්ධන වැඩසටහනක්ද ක්‍රියාත්මක කෙරෙන අතර අත් පත්‍රිකා බෙදා හැරීම ආදී විවිධ ප්‍රචාරණ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරමින් බදු අනුකූලතාව වර්ධනය කිරීම වෙනුවෙන් මහජනතාව සෘජුවම දැනුවත් කිරීම සිදු කෙරේ.
මෙම සමාරම්භක අවස්ථාව ඇමතූ කථානායක ජගත් වික්‍රමරත්න මහතා සඳහන් කළේ “බදු ශක්ති 2026” යනු හුදෙක් බදු එකතු කිරිමේ ව්‍යාපාරයක් නොව, එය රටට ආදරය කරන සහ වගකීම් සහගත පුරවැසියන් බිහි කරන ජාතික වැඩසටහනක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd