IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


ඡන්දය දෙන්න කතිරයක් පමණයි

(යොහාන් භාසුර)

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ලකුණු කිරීම පමණක් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා අද (4) පැවසීය.

හිස් කොටුවේ තනි කතිරකින් පමණක් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් ඡන්ද පත්‍රිකාවේ යමක් ලිවීම, ඇදීම, නමක් ලිවීම, කුරුටුගෑම හෝ වෙනත් කිසිඳු ආකාරයේ සටහන් දැමීම ඡන්දය ප්‍රතික්ෂේප වන බවත් ඒ මහතා කීය.

මෙවර මැතිවරණයේදී එක් එක් පළාත් පාලන ආයතනය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බව කී ඒ මහතා මැතිවරණ රාජකාරිය අත්‍යවශ්‍ය රාජකාරියක් වීම නිසා නියමිත නිලධාරීන්ට, නියමිත ස්ථානයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කළේය.

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු යම් ඡන්දදායකයෙක් සිටී නම් ඡන්දය දින දක්වා තමන්ට ලියුම් බෙදන තැපැල් කාර්යාලයෙන් ලබාගත හැකි බවත් නිල ඡන්ද පත්‍රිකාව මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියෙන් බාගතකළ හැකි අතර ඡන්ද පත්‍රිකාව නොමැතිව වුවද ඡන්ද මාධ්‍යස්ථානයට ගොස් අවලංගු අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කර ඡන්දය පාවිච්චි කළ හැකි බවත් සභාපතිවරයා කීය.

 



අදහස් (0)

ඡන්දය දෙන්න කතිරයක් පමණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පූජනීය ධාතු කොටස් වෙන්දේසියකට සැරසේ
2025 මැයි මස 04 116 0

බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු


සබරගමු නවක වද සිද්ධියට සිසුන් හතරක් අත්අඩංගුවට
2025 මැයි මස 04 358 0

සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය


ඡන්දය දෙන්න කතිරයක් පමණයි
2025 මැයි මස 04 334 0

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල


ජනපති අග්නිදිග ආසියාවේ ලොකුම පන්සලට යයි
2025 මැයි මස 04 524 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)


කළුතර මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි
2025 මැයි මස 04 4620 0

කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 319 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 653 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1196 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site