IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


චෙක් නඩුවෙන් තිළිණි නිදොස් කොට නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

මුදල් නොමැති ගිණුමකින් චෙක්පතක් ලබාදී රුපියල් ලක්ෂ අසූවක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ නඩුවෙන් තිළිණි ප්‍රියමාලි නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉයෙ නියම කළේය.

වාහනයක් සම්බන්ධ ගනුදෙනුවකදී රුපියල් මිලියන අටක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහි චෝදනා ගොනුකර ඇති ආකාරය අනුව නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවට කරුණු අනාවරණය වීමෙන් පසු විත්තිකාරිය නිදහස් කිරීමට විනිසුරුවරයා තීන්දු කළේය.

2010 වසරේ මාතර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන අටක් වටිනා වාහනයක් ලබගෙන මුදල් නොමැති ගිණුමකින් අගරු චෙක්පත් ලබාදී වංචා කළ බවට විත්තිකාරියට එරෙහිව නඩු පවරා තිබිණි.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාරියට එරෙහි චෝදනා ගොනුකර ඇති ආකාරය අනුව මෙම නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකාරිය නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.

 



අදහස් (17)

චෙක් නඩුවෙන් තිළිණි නිදොස් කොට නිදහස්

Achini Monday, 11 December 2023 06:41 PM

කොහොමද වැඩේ..? ලොකු අය හොරකම් කළාම නිදොස් කොට නිදහස්...

:       0       63

බද්රානි Monday, 11 December 2023 07:18 PM

ගරු, තිලිණි මැතිණියනේ, මම ඔබ තුමියට ශුභ පතමි... ඉදිරියේදී ඔයිට වඩා වටිනාකමින් වැඩි ලාභයක් ලැබෙන ව්‍යාපාරයකට අත ගසන්න.. මේ සිරි ලංකාවට ගැලපෙන ව්‍යාපාරයක් කිරීම සම්බන්ධයෙන් මට නම් ඇත්තේ ඔබ තුමිය ගැන විශාල ගරුත්වයක්... ඔබ වැනි ඇති දක්ෂ ව්‍යාපාරිකයින් ආරක්ෂා කර ගැනීමට සිරි ලංකා පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුව හා ගරු අධිකරනය දරන උත්සාහය අගය කල යුතුයි... ඉදිරි මහා මැතිවරණයකදී ඔබ වැන්නන් ගේ ආගමනය හා ජයග්‍රහණය මේ රට විජයග්‍රහණය කිරීමට ඇති එකම මාර්ගයයි... සිරි ලාංකික කාන්තාවක් ලෙස මාරම ආඩම්බරයක් හිතට දැනෙනවා...

:       0       10

C.K.Lankaputhra Monday, 11 December 2023 07:20 PM

නිදොස් කොට නිදහස ලබන්නේ දේශපාලුවන් විතරයි කියලයි මම හිතාගෙන හිටියේ. බලපුවාම මෙයත් දේශපාලුවරියක්නෙ අප්පා. මම හිතුවා ඕක.

:       0       8

Ruwan Monday, 11 December 2023 08:08 PM

ඔබ තාමත් විශ්වාස කරනවාද ලංකාවේ නීතිය සැමට සාධාරණ යුක්තිය ඉටුකර දීමට තරම් හැකියාවක් ඇති දෙයක් බව...!

:       0       1

duminda Monday, 11 December 2023 08:39 PM

නඩුව දාපු එකත් හොරෙක් කියලා තේරෙන්නේ නැද්ද ,මේ සේරම එක කල්ලිය

:       0       0

saman Monday, 11 December 2023 08:43 PM

වංචාව ඔඩු ගොස් ඇත මේ රට, මුල ඉඳලම හදන්ට ඕනේ රටක්.

:       0       6

Perera Monday, 11 December 2023 11:32 PM

චෝදනා ගොනු කර තිබෙන්නේ නඩුව විසි වෙන ආකාරයට බව පැහැදිලියි .නඩුව විසි වෙන්න ප්‍රධාන හේතුව එයයි

:       1       0

තිළිණ Tuesday, 12 December 2023 12:08 AM

අය්යෝ මොකද මේ වෙන්නේ.

:       0       3

namal Tuesday, 12 December 2023 02:15 AM

ඇය මගේ භාණ්ඩයයි. ගෞරවනීය විනිසුරු මගේ අතේ.

:       0       0

නිමල් Tuesday, 12 December 2023 06:27 AM

නිදොස් වෙන අයුරින් නඩු පවරන්නත් පුලුවන් බව පසුගිය කාලය පුරාවටම අපි දැක්කා.මෙයත් නීතිය නැවීමක්. අහෝ! නීතියේ ආධිපත්‍යය.

:       0       4

HELAYA Tuesday, 12 December 2023 07:33 AM

මේව රටේ ජනතාවට වැදගත් පුවත්ද?

:       0       0

සල්ලි Tuesday, 12 December 2023 08:41 AM

ගින්නක් නැතුව දුමක් නොනගී, එය පචයක් බව ඔප්පු කල නෝනාට මගේ ප්‍රණාමය...

:       0       0

දාස Tuesday, 12 December 2023 09:21 AM

වැරදි විදියට තේරුම් ගන්න එපා , මේ මනුස්සය නිදහස් වෙන්නෙ නඩුව ෆයිල් කරපු විදිය වැරදි නිසා , නැතුව මෙයා වැරැද්දක් නොකල කියල නෙමෙයි

:       0       3

නිහාල් Tuesday, 12 December 2023 09:57 AM

නඩුවෙන් දිනලා නෙවෙයි නඩු ගොනු කරපු අය මෙයාව දිනවලා

:       0       3

kdn chandrasiri Tuesday, 12 December 2023 10:27 AM

ඔක පොඩි මිනිහෙක් කලා නම් ජිවිතාන්තය දක්වා හිරේ

:       0       4

සරත් කුමාර Tuesday, 12 December 2023 12:09 PM

නැතුවට වැඩ.. හැමදාම දේශපාලනය කොරන මිනිස්සු ඉන්නව ප්‍රතික්ශේප නොවෙන්ඩ නාම යෝජනාව හදාගන්ඩ බෑ. උසාවියෙ නඩු පවරන්නෙ අපි නෙවෙයි. නීතිය දන්න කෙනෙක්. හැබැයි නඩුව පවත්වගෙන යන්ඩ පුළුවන් විදියට නඩුව දාගන්ඩ බෑ. මහ විකාර රටක් මේක. දැන් ඔය හුටපටය අහන්ඩ ගතවුණු මිනිස් පැය ගණන ගණන් බැලුවද? වැයවුණු විදුලිය සහ අනෙකුත් වියදම්.. මෙව්වගේ බොල් නඩු හබ කොච්චර ඇත්ද.. නඩුව දාපු කෙනා කොච්චර අයකරන්ඩ ඇතිද? පිස්සු විකාරවලින් පිරිච්ච විලම්භීත රටක් මේක.

:       0       0

Rizard Tuesday, 12 December 2023 11:30 PM

නඩුව බලවල හොඳටම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 425 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1273 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 342 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1261 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 491 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 737 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1018 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1441 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site